නවතම පුවත්

ඓතිහාසික ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් මාතලේ වැඩසටහන් රැසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතලේ දිස්ත්‍රික්කය පදනම් කරගෙන ලියැවුණු ඓතිහාසික මාතලේ, බටදඩු කදු වැටියේ උරුමය වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් පළකළ ඓතිහාසික ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමේ රැස්වීම් දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

රජරට විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර අංශයේ ආචාර්ය ඕලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ, රාජ්‍ය සම්මානිත ලේඛක පියදාස වැලිකන්නගේ, කේ.බී මැනෑව ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ලේඛකයින්, විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතා නිල බලයෙන් පත්වූ අතර අනුශාසකවරුන් ලෙස ආචාර්ය ඕලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ, රාජ්‍ය සම්මානිත ලේඛක පියදාස වැලිකන්නගේ, කේ. බී මැනෑව, සුජාතා අලහකෝන්, කමල් අලහකෝන්, නිමල් කණහැරආරච්චි, කුමාරසිරි ලේලවල සහ මදුසංඛ බණ්ඩාර යන මහත්ම මහත්මීන් පත්විය.

මීට වසර 40 පමණ පෙර සිරිල් ගමගේ මහතා දිසාපතිවරයාව සිටි කාලයේ පිහිටුවා ගන්නා ලද මෙම ග්‍රක්ථ ප්‍රකාශන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ මාතලේ ඓතිහාසික මාතලේ ග්‍රන්ථය මගින් අනාවරණය නොවු නව කේෂ්ත්‍ර සහ නව ප්‍රවණතා කෙරෙහි
අවධානය යොමු කරමින් මෙහි දෙවන වෙලුම ප්‍රකාශයට පත් කිරීමට මෙහිදි යෝජනා වූ අතර දැනට ප්‍රකාශයට පත්ව ඇති බටදඩු කදුවැටියේ උරුමය කෘතියේ සිංහල සහ ඉංග්‍රීසි පොත් දුම්බර මිතුරෝ සංවිධානයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ නැවත මුද්‍රණය කිරීම, මෙන්ම දැනට පළව ඇති සියලුම ග්‍රන්ථ විද්‍යුත් ග්‍රන්ථ ලෙස අන්තර් ජාලයට මුදා හැරීම මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සහ ඓතිහාසික තොරතුරු යාවත්කාලීන කිරීම පදනම් කරගෙන වෙබ් අඩවියක් සහ ෆේස් බුක් පිටුවක් නිර්මාණය කරමින් නූතන අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ද මෙම දැනුම ප්‍රචාරය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ද මෙම වැඩ සටහනට අයත්ය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?