නවතම පුවත්

දවසින් දවස ගිලෙන ‌ලෝකයේ නගර

අසංක

අසංක

ලොව රටවල් කිහිපයක නගර සීමිත ගණනක් මුහුදට හෝ භූ ජලය තුළට කිදාබැසීම නැතිනම් ගිලීමට ලක්වීමේ තර්ජනයට මුහුණ පා තිබේ. නමුත් මෙලෙස කිදාබසින නගර ඇත්තේ ඒකක් දෙකක් නම් නොවේ. ඒලෙස වේගයෙන් කිදාබැසීම හෝ මුහුදට ගිලෙන නගර කිහිපයක් පහත දැක්වේ.

ජකර්තා – ඉන්දුනීසියාව

ලොව වැඩිම වේගයෙන් ගිලෙන නගර අතර ඉදිරියෙන්ම සිටින තම රටෙහි අගනගරය වන ජකර්තා නගරය වෙනත් තැනක ස්ථාපනය කරන බව ඉන්දුනීසියාව පවසයි. ලෝක ආර්ථික සංසදයේ වාර්තා අනුව ජාවා මුහුදු මට්ටම ඉහළ යාම හා ගොඩබිම මුහුදට ඇදගැනීම නිසා මෙම නගරය ගිලෙමින් පවතී.

ටෙක්සාස් – අමෙරිකාව

Downtown Houston skyline

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති විශාලතම අගනගරය හූස්ටන් ය. දශක දෙකක් තිස්සේ ජලයට කිදාබසිමින් පවතින හූස්ටන් වාර්ෂිකව අගල් 2ක් ගිලෙමින් තිබේ. 1920 සිට මේ දක්වා හූස්ටන් නගරය අඩි 12ක් පමණ ජලය තුළට කිදාබැස ඇත.

ලාගෝස් – නයිජීරියාව

නයිජීරියාවේ ලාගෝස් නගරය ද මෙම තර්ජනයට මුහුණ දී සිටියි. අප්‍රිකාවේ පිහිටි වඩාත් ජනාකීර්ණතම නගරය වන්නේ ද එයයි. වෙරළ අයිනේ පිහිටි මෙම නගරය මුහුදු ඛාදනය වෙමින් තිබේ. 2012 වසරේදී අනාවරණය වී තිබුණේ නයිජීරියාවේ වෙරළ තීරය ඉතා පහත් වී ඇති බවත් මුහුදු මට්ටම අඩි 3සිට 9 දක්වා ඉහළ ගොස් ඇති බවත් ය. මිනිස් ක්‍රියාකාරකම් මේ සදහා බලපා ඇතැයි විශ්වාස කෙරේ.

නිව් ඔර්ලියන්ස් – අමෙරිකාව

නිව් ඔර්ලියන්ස් යනු අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ පිහිටි නගරයකි. 1930 දී සොයාගැනුණු පරිදි මෙම නගරයේ තුනෙන් ඒකක් පමණ මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටා තිබුණි. නමුත් 2005 කත්‍රිනා සුළිසුළගේ බලපෑමෙන් එම ප්‍රමාණය බාගයක් දක්වා අඩුවිය. බුරුල් පසක් සහිත භූමියක් තිබෙන මෙම නගරය සෑම වසරකම සෙන්ටිමීටරය බැගින් ගිලෙමින් පවතී.

බීජිං – චීනය

චීනයේ බීජිං නගරය කිදාබැසීමට මුල්වී ඇත්තේ නගර වැසියන්ගේ භූ ජලයේ භාවිතය නිසා බව විද්‍යාඥයන්ගේ අදහසයි. සෑම වසරකම පාහේ අගල් 4කින් බීජිං නගරයේ ඇතැම් ස්ථාන ගිලෙන බව අනාවරණය වී ඇත.

වොෂිංටනය – අමෙරිකාව

වොෂිංටනය අමෙරිකාවට ඇති වැදගත්ම නගරයයි. ඉදිරි වසර 6 තුළ අගල් 6කට වඩා ඒම නගරය ගිලෙන බව සමීක්ෂණයකින් සොයාගෙන තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?