නවතම පුවත්

‘රුසියා-ශ්‍රී ලංකා මිතුදම ශක්තිමත් වී ඇත්තේ සාහිත්‍ය නිසයි’ – අනස්තාසියා

අසංක

අසංක

රුසියාව සැමවිටම ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කරන බවත් දෙරටෙහි ජනතාව අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය ඊට ප්‍රධාන හේතුවක් වන බවත් මෙරට රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂිකා හා රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් අනස්තාසියා මහත්මිය අවධාරණය කර සිටී.

ශ්‍රී ලාංකීය ජනතාව හා රුසියානු සාහිත්‍ය අතර ඇති සමීප සබඳතාව , දෙරට අතර බැඳීම් ශක්තිමත් කිරීමට ඉවහල්ව ඇති බවද අනස්තාසියා මහත්මිය සඳහන් කලාය.

“රුසියාව” සඟරාවේ පනස්වන කලාපය නිකුත් කිරීම නිමිත්තෙන් කොළඹ රුසියානු කේන්ද්‍රයේදී පසුගියදා පවතී උත්සවයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

රුසියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලත් ශ්‍රී ලාංකිකයින් රාශියක් මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඉහල තනතුරු දරමින් කටයුතු කරන බවත් , ඔවුන් ද දෙරට අතර සබඳතා ශක්තිමත් කරන පාලමක් ලෙස සැලකිය හැකි බවත් ඇය මෙහිදී සඳහන් කලාය.

මෙම අවස්ථාවට මෙරට රුසියානු තානාපතියුරි මතෙරි මහතා , රුසියානු කේන්ද්‍රයේ විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා , රුසියාව සඟරාවේ සංස්කාරක සරත් ලාල් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්විය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි