නවතම පුවත්

ජනාධිපතිවරණයට ඉල්ලන්න පක්ෂ 12 ක් සූදානම්- මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීනව

අසංක

අසංක

දේශපාලන පක්ෂවලින් දොලොස් දෙනෙක්ද ස්වාධිනව දෙදෙනෙක්ද වශයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 14 දෙනෙක් ඉදිරිපත් වන බව අද (06) වන විට ජතිත මැතිවරණ කොමිසමට අදාල දේශපාලන පක්ෂවලින් දැනුම් දී තිබේ.

ස්වාධිනව ඉදිරිපත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ඒ බව කොමිසමට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසුවේය.

ඇප මුදල් තැන්පත් කර අවසානයේදීත් ඇතැම් අපේක්ෂකයින් සිය අපේකෂත්වයෙන් ඉවත්වන බැවින් මේ සියළු දෙනාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි යැයි කියන්නට බැරි බවද ඔහු සදහන් කළේය. එහෙත් 14 දෙනෙක් ජනාධිපතිධුරය අපේකෂාවෙන් මැතිවරණයට තරගකරන බව දැනුම් දී ඇති බව ඔහු පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධින අපේකෂකයන් වෙනුවෙන් සංවිධානය කරන රැස්වීම් ඇතුළු පූර්ව සැළසුම් සකස් කිරීම සදහා දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීමකට අනුව එම පක්ෂ විසින් මෙම දැනුම් දීම කොමිසමට කර තිබෙන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසුවේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි