නවතම පුවත්

ඇල්පිටියේ බසයක් තුළ වෙඩිතැබීම ඝාතන වැලක ප්‍රතිඵලයක්ද?

අසංක

අසංක

අළුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් තුළ අද (6) උදෑසන සිදුවූ ඝාතනය ඌරගස්මන්හංදියේ දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ඝාතන වැලක තවත් එක් ප්‍රතිඵලයකි.

ඝාතනය වන පුද්ගලයා වන රංජිත් ජයවර්ධනද එතරම් හොද පුද්ගයෙක් ලෙස පොලිසිය දකින්නේ නැත. අද උදේ ඔහු සිය බිරිදත් නැගණියත් මවත් සමග ඇල්පිටිය අධිකරණයට මගී බස් රථයේ නැගී යන්නේ ඉඩම් නඩුවකට පෙනී සිටින්නටය. ඔවුන් බස් රථයට ගොඩ වන්නේ ඌරගහිනි. බස් රථයට ගොඩ වූ තැනේ සිට ඔවුන්ව පන්නන්නේ යතුරු පැදියක නැගුණු දෙනෙකි. පසුපැදිකරු අතර මගින් බස් රථයට ගොඩ වන්නේ යතුරු පැදිය බස් රථය ඉස්සර කර ගමන් කිරීමෙන් අනතුරුවය. වෙඩික්කරු වන්නේ ඔහුය.

ඇල්පිටිය අටකොහොටේ බෝගහවංගුව ආසන්නයේදී සිය ඉලක්කය ලබාගත් වෙඩික්කරු කිසිදු බියක් චකිතයක් නොමැතිව බස් රථයෙන් බසින්නේ කලබලයකින්ද තොරවය. අනතුරුව ඔහු පළායන්නේ බස් රථයේ පිටුපසින් පැමිණි යතුරු පැදියේ නැගීය.

ඉඩම් නඩුව සහ මෙම ඝාතනය එකිනෙකට බද්ධ වී ඇතැයි බැලූ බැල්මටම පෙනී ගියත් සැබෑ ලෙසම ඇත්තේ ඊට එහා ගිය ඝාතන වැලකි.

මෙම ඝාතනය ඉකුත් වසරේ නොවැම්බර් 30 වෙනිදා ඌරගස්මන්හන්දියේ ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාගේ ඝාතනය හා බැදී ඇත්තේය. ඒ දෙදෙනා ඥාති සොහොයුරන්ය. ඔවුන් දෙදෙනාව ඝාතනය වන්නේ නිවස ඉදිරිපිට කුරුදු වාඩියක් තුලදීය.

වෙඩි ප්‍රහාර 30 කට වැඩි ප්‍රමාණෙයක් එල්ලකරමින් ඔවුන්ව ඝාතනය කල වුන් කදින් බෙලිද වෙන්කර ගත්තේය. සුරේෂ්ගේ බෙල්ල ඔවුන් රැගෙනගොස් දමන්නේ ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසලටය.

එම ද්විත්ව ඝාතනයට මුල දෙපාර්ශවයත් අතර පැවැති ආරවුලකි. කුරුදු වාඩියේදී ඝාතනය වූ දෙදෙනා කොස්ගොඩ සුජීට හිතවත්කම් පෑ අතර ඔවුන්ගේ ඝාතනයේ සැකයේ ඇගිල්ල දිගුවූ අය නියෝජනය කළේ මාකදුරේ මධුෂ්ගේ පාර්ශවයයි. මෙම කථාව වසර වසර හතර පහක් ඈතට දිව යන්නෙකි.

කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි ඉන්දික මහේෂ් සහ මාලවල, රන්තොටුවිල පදිංචි සමන් සුරේෂ් ආසන්න ගම් දෙකක පදිංචිකරුවන්ය. 2015 වර්ෂයට පෙර මොවුන් දෙදෙනා අතර මරා ගන්නා තරමේ වෛරයක් තිබුණේ නැත. 2015 අප්‍රේල් 16 දා දෙදෙනා එකිනෙක මුණ ගැසෙන්නේ ඌරගස්මන්හන්දිය, නුගුඩුමුල්ලේ පැවති සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටියදීය. එහිදී සුරේෂ් විසින් දල්වන ලද රතිඥ්ඥයක් ඉන්දිකගේ දෙපා මුලට වැටෙන්නේය. එහිදී ඇති වූ කතාබහ බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් එදිනට අවසන් වූයේ අළුයට ගිනි ඉතිරි කරමිනි.

දිනය 2015 නොවැම්බර් 03 දාය. ඉන්දික මහේෂ්ගේ කුඩා ඌරගහ, නිවසට වේගයෙන් සිය යතුරු පැදියෙන් පැමිණි ඔහුගේ ගෝලයන් දෙදෙනකුගේ මුවින් පිටවුණේ, ඉන්දික අයියේ අරුන් අපිට ගැහුවා යන්නයි. යමන් යන්න, කියමින් ඉන්දික සිය ගෝලයන් සමග පිටත් වූයේ දෙකින් එකක් බේරා ගැනීමේ අටියෙනි. ඒ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක්ද ඉනේ ගසාගෙනය. සිද්ධිය වූ බව කියන ඉසව්වට යද්දී ඉදිරියට ආවේ පහර දුන් බව කියන දෙදෙනාය. ඒත් එක්කම ඉන්දිකගේ ගිනිඅවිය පත්තු වුණි. එම වෙඩිල්ලෙන් ඝාතනය වන්නේ ඌරගස්මන්හන්දිය, ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ උෂාන් රන්දික සහ තුසයාහේවගේ සුරංග සුරේෂ් දෙදෙනාය.

2018 නොවැම්බර් 30 වෙනිදා රාත්‍රිෙය් ඝාතනය වන්නේ එදා ඉන්දිකගෙන් වෙඩි කෑ උෂාන් රන්දිකගේ ඥාති සහෝදරයන්ය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනයන් වෙනුවෙන් පලි ගැනීමේ සටනට නායකත්වය දී සිටියේ නොවැම්බර් 30 වෙනිදා ඝාතනය වූවන්ය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කරන්නට ඉන්දික මහේෂ් ගිනිඅවිය රැගෙන එන්නේ කුඩා ඌරගහ, ඌරගහ පදිංචි තොම්මයාහකුරු සරත් කුමාර නොහොත් බොස් සරත්ගේ නිවසේ සිටය. ඒ බව දැනගත් සමන් සුරේෂ් 2015 දෙසැම්බර් 04 දින බොස් සරත් ඝාතනය කරන්නේ සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කර හරියටම මසක් ඉක්ම යද්දීය. ඒ ලෙයට ලෙයින් පලි ගැනීමක් ලෙසිනි. වෙඩි තබා ඝාතනය කරන බොස් සරත්ගේ සිරුර කපාකොට දැඩි ලෙස හානිකර හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගියේ කාටත් දැකබලා ගන්නටය. 2018 නොවැම්බර් 30 දා ඝාතනය කරන ලද සමන් සුරේෂ්ගේ හිසද කදින් වෙන්කර රැගෙන ගොස් තබන්නේද එතැනමය.

මේ දෙපැත්තේ ගැටුම්වලින් මේ වන විටත් හය හත් දෙනෙක්ම මරු තුරුලට ගොස් හමාරය. අද (06) ත් සිදුවන්නේ ඒ ඝාතන තවත් එක් ආරම්භයකි. පොලිසිය කියන්නේ 2018 නොවැම්බර් 30 වෙනිදා ඝාතනය පිටුපස බස් රථයේදී වෙඩි කෑ පුද්ගලයා සිටින බවය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි