නවතම පුවත්

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය 100 පසුකරයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළ­ඳ­සැල් ක්‍රමයෙහි ගමන් මඟ වෙනස් කර­මින් වසරේ වටි­නාම සුපිරි වෙළ­ඳ­සැල් සන්නා­මය ලෙස පිළි­ගැ­නී­මට ලක් වූ කීල්ස්, තවත් වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් පසුගියදා සනි­ටු­හන් කළේය . එනම් 100 වැනි කීල්ස සුපිරි වෙළ­ඳ­සැලපසුගියදා ගම්පහ මිරි­ස්වත්තේ දී විවෘත විය.

ජාතියේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ මූලික අර­මුණ ඉටු කර­මින් 1991 වසරේ කීල්ස් සිය පළමු සුපිරි වෙළ­ඳ­සැල කොළඹ 03, ලිබර්ටි ප්ලාසාහි ආරම්භ කරන ලද අතර එතැන් පටන් මේ දක්වා සිය පැවැත්ම අඛ­ණ්ඩව වර්ධ­නය කර ගැනී­මට සමත්වීම කීල්ස් සතු සුවිශේෂත්වය වේ.

මෙම වසරේදී ජාතික වානිජ්‍ය මණ්ඩලය මෙහෙයවූ ජාතික ව්‍යාපාර විශ්ස්ථතා සම්මාන උළෙලේදී “අනර්ගතම වෙළඳ සල් සන්නාමය” ලෙස පිදුම් ලැබූ කීල්ස් සුපිරි වෙළඳසල් ජාලය එස් එල් එස් අයි සුපිරි වෙළඳ සල් කළමනාකරණ සැලැස්ම වෙතින් මෙන්ම ජී එප පී තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

අදාත්ම නැවුම් අහාර පාන ජනතාවට සාධාරණ මිලකට ලබාදෙම කීල්ස් සුපිරි වෙළඳ ජාලයේ අරමුණු අතර වේ. එසේම ඒ වෙනුවෙන් මෙරට ගොවි ජනතාගෙන් අතරමැදියන්ගෙන් තොරව ඍජුවම බෝග නිෂ්පාදනයන් මිලට ගැනීම සඳහා රට පුටා එකතුකිරීමේ මධ්‍යස්ථාන හයක් පිහිටුවීමටද කීල්ස් සම කටයුතු යොදා ඇත.

තරුණ තරුණියන් දහස් ගණනකට මෙම වෙළඳ සල් හරහා රැකියා අවස්ථා උදාකර දෙනවාට අමතරව ඔවුන්ට රැකියාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පුහුණුව ලබාදීමට විශේෂ පුහුණු මධ්‍යස්තාන පිහිටුවීමටද කීල්ස් මේ වනවිට කටයුතු කර ඇත.

එසේම පරිසර හිතකාමී ආයතනයක් ලෙස , 2025 වසර වනවිට, එක වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සියයට 50 කින් අඩුකරගැනීමේ ඉලක්කය ජයගැනීමට කීල්ස් කැපවී කටයුතු කරමින් සිටී ,

එසේම තම ජාලයට අයත් වෙළඳසල් සියය අතරින් 43ක්ම සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඒවා වන අතර ඒ හරහාද පරිසරය රැක ගැනීමේ කර්තව්‍යයට කීල්ස් කැපවී සිටී .

ලාභය පමණක්ම ඉලක්ක කොට නොගෙන පාරිභෝගිකයාගේ මෙන්ම , තම සැපයුම්කරුවන් වන රටේ ගොවි ජනතාව , හවුල්කරුවන් හා සේවක සේවකවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් අවංකව කටයුතු කිරීම , කීල්ස් සුපිරි වෙළඳ සල් ජාලය ලබා ඇති සාර්ථකත්වයේ රහස බව ජෝන් කීල්ස් සමූහයේ වෙළඳ ප්‍රධානී චරිත සුබසිංහ මහතා ප්‍රකාශ කර සිටී .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි