නවතම පුවත්

දිය මත ලිස්සා යෑමේ ජාත්‍යන්තර තරගාවලියක් ආරුගම්බේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිය මත ලිස්සා යෑමේ දේශීය තරගකරුවන්ට ජාත්‍යන්තර වෘත්තීය තරගකරුවන් සමඟ තරග කිරීමේ මං විවර කෙරෙන So Sri Lanka Pro World Surf League ලෝක දිය මත ලිස්සා යෑමේ ලීග් තරගාවලිය මේ මස 25 සිට 29 දක්වා අරුගම්බේ මුහුදු තීරයේදී පැවැත්වේ.

 ශ‍්‍රී ලංකාවේ දිය මත ලිස්සා යෑමේ ක‍්‍රීඩාවේ ඉහළම අංක 32 ට ශ්‍රේණිගතව සිටින ක‍්‍රීඩකයන්ට මේ ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමේ මහඟු අවස්ථාව උදා වන්නේ ‘වයිල්ඞ් කාඞ්’ ක‍්‍රමයටය. ජාත්‍යන්තර තරගාවලියට පෙර මේ මස 23 හා 24 දිනවල අරුගම්බේ මුහුදු තීරයේම පැවැත්වීමට නියමිත දේශීය තරගාවලියේදී ශ‍්‍රී ලංකා ‘වයිල්ඞ් කාඞ්’ ක‍්‍රීඩකයන් 8 දෙනකු මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා තෝරාගනු ඇත.

 ලෝක දිය මත ලිස්සා යෑමේ ලීග් තරගාවලිය සඳහා රටවල් 22 කින් තරගකරුවන් 124 දෙනකු සහභාගි වීමට නියමිතය.

 ලොව දක්ෂතම දිය මත ලිස්සා යෑමේ විදෙස් ක‍්‍රීඩකයන් සමඟ සිය දස්කම් උරගා බැලීමේ මෙම වටිනා අවස්ථාව, ලෝක දිය මත ලිස්සා යෑමේ ලීගය සහ ශ‍්‍රී ලංකා දිය මත ලිස්සා යෑමේ ක‍්‍රීඩා සම්මේලනය හරහා දේශීය ක‍්‍රීඩකයන්ට හිමිකර දෙන්නේ මෙරට ජල ක‍්‍රීඩා හා සංචාරක ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සම්මානලාභී ආයතනයක් වන ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයයි.

 ‘ශ‍්‍රී ලන්කන්’ ගුවන් සේවය මේ තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වෙයි.

 මේ ආයතනයේ සංවිධානත්වයෙන් ලෝක දිය මත ලිස්සා යෑමේ ලීගය අවසන් වතාවට ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ පිරිමි තරගාවලිය ජයග‍්‍රහණය කළේ ලෝක කිරුළ සඳහා නිත්‍ය අභියෝගයක් බවට පත්ව සිටින ජූලියන් විල්සන් ය. ඒ ක‍්‍රීඩා වාරයේදී සිය ප‍්‍රවර්තක ශක්තිය ගොඩනඟා ගැනීම පිණිස එම ප‍්‍රතිඵලය උපයෝගී කර ගත් විල්සන් අවසානයේදී සුපිරි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

 වසර පුරාම ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ස්වාභාවික මුහුදු රැුළ දිය මත ලිස්සා යෑමේ ජාත්‍යන්තර ක‍්‍රීඩාවට කදිම ඉසව්වක් බව  So Sri Lanka Pro World Surf League 2019 තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැති හමුවකදී ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේය.

 ”වෙනත් රටවල වගේ මුහුදු රැුළ ගැසීමට තාක්ෂණය යොදා ගන්නට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නැහැ. අවුරුද්ද පුරාම උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර පළාත්වල දිය මත ලිස්සා යෑමේ ක‍්‍රීඩාවට ඉතාමත් උචිත මුහුදු රැුළ තියෙනවා. අපේ වතුර රස්නෙයි. මේ ක‍්‍රීඩාවට අත්‍යවශ්‍ය ස්වාභාවික මුහුදු රැුළ ඕනෑම කාලයක තියෙන, දිය මත ලිස්සා යෑමේ ක‍්‍රීඩාවට ඉතාමත් සුදුසු ලොව රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාව ඇතුළත්ව තියෙනවා. වෙරළ සංස්කෘතියයි දිය මත ලිස්සා යෑමේ සංස්කෘතියයි අපේ රටේ එකිනෙකට බද්ධ වී තියෙනවා. සොබාදහමේ මේ අවස්ථාවෙන් අපි වැඩි වැඩියෙන් ප‍්‍රයෝජන ගත යුතුයි. ලෝකයේ ජනප‍්‍රිය සංචාරක ඉසව්වක් වන හවායි දූපතේ දිය මත ලිස්සා යෑමට සුදුසු මුහුදු රැළ තියෙන පළාතක හෝටල කාමරයක් ඩොලර් දහසකටවත් ගන්න බැහැ. මේ ක‍්‍රීඩාව ඒ තරමටම සංචාරකයන් අතර ජනප‍්‍රියයි” යැයි ජල ක‍්‍රීඩකයකු ලෙසින් මෙරට සංචාරක ව්‍යාපාරයට පිවිස අද ජල ක‍්‍රීඩා සංචාරක ක්ෂේත‍්‍රයේ හිනි පෙත්තේ සිටින තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි