නවතම පුවත්

තනි සිගරට්ටුව නිසා රූපමය අවවාද අපතේ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කර , දුම්පානය පාලනය කිරීම සඳහා රජය දරන සියලු උත්සාහයන් , තනි සිගරට්ටු අලෙවිය හේතුවෙන් ඵල රහිතවන බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන ඒකකය සිදුකල නවතම අධ්‍යයනයකින් පෙන්වාදෙ .

අඩු අදායම් ලාභීන් , නව යොවුන් පිරිස් මෙන්ම දුම්පානයට ආධුනික නවක පිරිස්ද බොහෝ විට මිලදී ගනු ලබන්නේ තනි සිගරට්ටු වන බවත් මෙහිදී ඔවුන්ට සිගරට් පැකට්ටුවල ඇති රූපමය අවවාද දර්ශනය නොවන බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අවධාරණය කර සිටී.

” සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීමේ අරමුණ වන්නේ , එය දකින දුම්බොන්නන් , දුම්පානය කෙරෙහි අධයිර්යමත් කිරීමයි , නමුත් බොහෝ තරුණ පිරිස් , අඩු අදායම් ලාභීන් වගේම දුම්පානයට නවකයින් පවා මිලදී ගන්නේ තනි සිගරට්ටුවයි . එවිට ඔවුන්ට කිසිවිටක පැකට්ටුවේ ඇති රූපමය අවවාද දර්ශනය වන්නේ නැහැ, මෙය බරපතල ගැටළුවක් . පැකට්ටුවේ රූපමය අවවාද යොදා බලාපොරොත්තුවන කිසිදු ප්‍රතිඵලයක් මේ හරහා සාර්ථක වන්නේ නැහැ, මේ අනුව තනි සිගරට්ටු අලෙවිය තහනම් කිරීම පිලිබඳ රජය යලි අවධානය යොමු කරලිය යුතුයයි “ද රාජසූරිය මහතා the colomboexpress.com වෙබ් අඩවියට පැවසීය .

එසේම තනි සිගරට්ටු අලෙවිය තහනම් කරන තෙක් , තාවකාලික පියවරක් ලෙස තනි සිගරට්ටු අලෙවි කිරීමේදීද එය රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටුවක බහා අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දීම යෝග්‍ය බවද රාජසූරිය මහතා සඳහන් කළේය .

” තනි සිගරට්ටු අලෙවි කිරීම තහනම් කිරීම සඳහා ගෙන ආ යෝජනා කබිනේට්ටුවේදී සම්මත වුනේ නැහැ . එය ගැටළුවක් . ඒ අනුව එය යලි කබිනේට්ටුවට ගෙනවිත් සම්මත කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව අනුමාන කල හැකියි . එබැවින් එතෙක් , තාවකාලික පියවරක් ලෙස තනි සිගරට්ටුවක් වුවද රූපමය අවවාද ස්ත පැකට්ටුවක බහා අලෙවි කරන ලෙසට වෙළඳුන්ට දැනුම්දිය යුතුයි . එවිට දුම්පානය කරන පිරිසෙන් වැඩි දෙනෙකුට , රූපමය අවවාද දර්ශනය වන බවට අනුමාන කල හැකියි ” යයිද රාජසූරිය මහතා පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි