විදෙස්

Share now!

දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් 600ක් පමණ නැවත සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව නයිජීරියානු බලධාරීහු පවසති. දකුණු අප්‍රිකාව හා නයිජීරියාව අතර වර්ධනය වෙමින් පවතින මතබේදකාරී තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.

මොවුන්ගෙන් කොටසක් ගුවන් යානා දෙකක් මගින් බදාදා දිනයේ නයිජීරියාවට යැවෙනු ඇති බව ජොහැන්ස්බර්ග්හි සිටින නයිජීරියානු කොන්සල් වරයා පවසයි. අප්‍රිකානු අර්ධද්වීපයේ සංවර්ධිතම රට ලෙස සැලකෙන දකුණු අප්‍රිකාව වෙත බොහෝ සංක්‍රමණිකයින් පැමිණෙන බවත් ඒ හේතුවෙන් ස්වදේශිකයින්ට රැකියා අවස්ථා අහිමිව ඇති බවත් බලධාරීහු පවසති.

විදේශිකයින් රැකියා සඳහා පැමිණීම සම්බන්ධව ලොරි රථ රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් පසුගිය සතියේ ඇතිවූ ගැටුම් වලින් විදේශිකයින් දෙදෙනකු ඇතුළු දසදෙනකු මියගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment