නවතම පුවත්

වෙල්ලමුල්ලිවයිකාල් මිග් බෝම්බය පිපිරවීමට සැරසෙයි – මුල්ලිවයිකාල්වලත් පිපිරීමක්

අසංක

අසංක

වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පවතින මිග්යානාවලින් හෙළන බෝම්බය අධිකරණ නියෝගයක් ලබාගෙන ඉදිරියේ දී නිෂ්ක්‍රීය කිරීමට සැලසුම් කර තිබේ.

ගැටුම් සමයේ සිට පවතින මෙම බෝම්බය පුපුරුවා හැරෙන අතර ඊට අවශ්‍ය උසාවි නියෝගය ලබාගැනීමේ නීතිමය කටයුතු දැන් සිදුකෙරේ.

මේ අතර මුල්ලිවයිකාල් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පිපිරුම් හඬක් ඇසී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ගොවි කටයුතු සඳහා කැලෑ ගිනිතැබීමේදී එහි පොළොවෙහි ගැටුම් සමයේදී වළලා තිබූ බිම් හෝ අත්බෝම්බයක් පුපුරා යාමයි.

මෙම පිපිරුමෙන් කිසිවකුට හානි සිදුවී නැත.

ගැටුම් පැවැති සමයේදී මෙම ප්‍රදේශ ආශ්‍රිතව අත්බෝම්බ, බිම් බෝම්බ ආදිය තිබී ඇති බැවින් මෙවැනි සිදුවීම් එම ප්‍රදේශවල තවමත් දුලභ නොවන බව ද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්