නවතම පුවත්

Big bad wolf මෙවරත් කොළඹදී

අසංක

අසංක

ලෝකයේ විශාලතම පොත් සල්පිලක් වශයෙන් සැලකෙන ‍බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් මෙරටදී පැවැත්වීම කටයුතු සංවිධානය කර තිබේ.

ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින 10ක් කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) ආරම්භ වීමට නියමිත මෙම ප්‍රදර්ශනය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සිට ඉරිදා දක්වා අඛණ්ඩව පැය 24 ක් පාඨකයන් වෙනුවෙන් විවෘතව පවතී.

මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ,50%- 90% ක් දක්වා ඉහළම වට්ටම් සහිතව ලෝකයේ තිබෙන ඉහළම වටිනාකමින් යුත් පොතපත බිග් බෑඩ් වුල්ෆ් සල්පිලෙන් මිලදී ගත හැකි වීමයි. ශ්‍රී ලාංකික පාඨකයින් ඇලුම් කරන, ඉතා දුර්ලභ පොතපත මෙන්ම, සීමිත පිටපත් සංඛ්‍යාවෙන් යුතු විශිෂ්ට ගණයේ ඉංග්‍රීසි පොතපතද බිග් බෑග් වුල්ෆ් ප්‍රදර්ශනයෙන් මිලදී ගැනීමේ පහසුකම පාඨකයින්හට අත්විඳීමට එහිදී අවස්ථාව සැලසේ.

බිග් බෑඩ් වුල්ෆ් විසින් සාහිත්‍ය, කලාව, ඉතිහාසය, ව්‍යපාරික, ආගම, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, ඉවුම් පිහුම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ලක්ෂ පහළොවකට අධික පොත්පත් මෙවර පාඨකයින් වෙනුවෙන් වෙන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්