නවතම පුවත්

සඳ-අඟහරු මත වාසස්ථාන හදන්න ගගනගාමීන් පළමුවරට අභ්‍යවකාශයේදී සිමෙන්ති අනයි

අසංක

අසංක

පෘථිවියේ ඉදිකිරීම් සඳහා යොදාගන්නා කොන්ක්‍රීට් අභ්‍යාවකාශයේ සැකසීමේදී වෙනස්කම් පෙන්වූවද අභ්‍යවකාශයේ සාදන ලද කොන්ක්‍රීට්වලට යම් දවසක මිනිසාට සඳ හා අඟහරු මත වාසස්ථාන තැනීමට හැකි වනු ඇතැයි නව පර්යේෂණකින් හෙළිවී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යාවකාශයේදී කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදා කරන ලද අත්හදාබැලීමකදී ය.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෑතකදී කරන ලද පරීක්ෂණයක කොටසක් ලෙස ගගනගාමීන් පළමු වරට ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයෙන් සිමෙන්ති නිපදවා තිබේ.

එය අභ්‍යවකාශයේ දී දැඩි බවට පත්කළ හැකි සහ වර්ධනය කළ හැකි බව අත්හදාබැලීමේදී පෙනීගොස් ඇත.

පෘථිවිය තුළ කොන්ක්‍රීට් මිශ්‍රණය සැකසීමේදී දිස්වන ආකාරයේ සිට එය සවි වීම හා ඉන්පසුව දිස්වන ආකාරය බෙහෙවින් වෙනස් බවට මෙහිදී සොයාගෙන තිබේ.

අභ්‍යාවකාශයේදී සකසන කොන්ක්‍රීට් මෙහි සවිවූ කොන්ක්‍රීට්වලට සිදුරු සහිත බව විද්‍යාඥයන්ට පෙනීගොස් ඇත.

කොන්ක්‍රීට් යනු වැලි, පාෂාණ, බොරළු සහ ජලය හා සිමෙන්ති කුඩුවල එකතුවක් වන අතර එය සියල්ලම එකට බැඳ තබන ඝන ද්‍රව්‍යයක් වන අතර එය පෘථිවියේ ශක්තිමත් සහ විශ්වාසදායක ගොඩනැගිලි ද්‍රව්‍යයකි.

අනාගතයේදී ගගනගාමීන් කොස්මික් විකිරණවලින් ආරක්ෂා කරගැනීමටත්, පෘථිවියෙන් බැහැරව ජීවත්වීම නිසා ඇතිවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමටත් එය භාවිත කළ හැකි මට්ටමේ කල් පවතින අමුද්‍රව්‍යයක් බව පර්යේෂකයෝ නව අධ්‍යයනයෙන් තහවුරු කරගෙන තිබේ.

“සඳ හා අඟහරු පිළිබඳ කෙරෙන මෙහෙයුම්වලදී මිනිසුන් සහ උපකරණ අධික උෂ්ණත්වයෙන් හා විකිරණවලින් ආරක්ෂා වීම අපිට ඇති මූලික අභියෝගයක්. ඒ සඳහා ඇති එකම ක්‍රමය මෙම පිටසක්වළ පරිසරය මත යටිතල පහසුකම් ගොඩනැගීමයි. එය සිදුකිරීමට අනාගතයේදී කොන්ක්‍රීට් උපකාරී වේවි” යැයි පවසා ඇත්තේ අන්තර්ජාතික අභවකාශ මධ්‍යස්ථානයේ මෙහි ප්‍රධාන පර්‍යේෂක පෙන් රාජ්‍යයේ සිවිල් ඉංජිනේරු, සහකාර මහචාර්ය ඇලෙක්සැන්ද්‍රා රැඩ්ලින්ස්කා ය.

“පෘථිවිය හා අභ්‍යවකාශයේදී ඝන දෙයක් ගොඩනැගීමේදී පවා යම් යම් වෙනස්කම් ඇති බව දැන් අපි දන්නවා. එම වෙනස්කම් අභ්‍යවකාශයේ භාවිතා කිරීමට නම් කුමන ඒවා ප්‍රයෝජනවත්ද සහ කුමන ඒවා අහිතකරද යන්න බැලීමට අපට එම වෙනස්කම් පරීක්ෂා කළ හැකිය.” යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්