නවතම පුවත්

කොමර්ෂල් බැංකුවට සම්මාන 4ක්

අසංක

අසංක

බැංකුකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් විශිෂ්ටතාවයක් දැක්වූ ශ‍්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය ආයතන ඇගයීම සඳහා පළමු වරට ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ ‘ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත්විය.

මෙහිදී, බැංකුවට ‘හොඳම ණය ඇගයීමේ වැඩසටහන, අයදුම හෝ වැඩසටහන’ යන සම්මානය එහි අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය හරහා ක‍්‍රියාත්මක වන පුද්ගලික ණය ඉල්ලීමේ පහසුකමට හිමිවූ අතර ‘හොඳම ඵලදායීතා, කාර්යක්ෂමතා සහ ස්වයංක‍්‍රීයගත කිරීමේ වැඩසටහන, අයදුම සහ වැඩසටහන’ යන සම්මානය බැංකුවේ ප‍්‍රධාන බැංකුකරණ පද්ධතිය තුළින් මෙහෙයවූ ගිණුම් ඇරඹීමේ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් හිමිවිය. මේ අතර, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවේ පේ‍්‍රෂණ කාඞ්පත සඳහා ‘වසරේ පේ‍්‍රෂණ සේවාව’ යන සම්මානයත් බැංකුවේ ‘ටොප්-අප් ලීස්’ පහසුකම සඳහා ‘වසරේ වාහන ණය සේවාව’ යන සම්මානයත් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

ද ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා වැඩසටහන මේ වසරේදී ආරම්භ කළ අතර මෙහි අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ තිබෙන බැංකු සහ මූල්‍යායතනවල තරගකාරීත්වය ඇගයීමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්