නවතම පුවත්

වසර 7500කට පෙර ජීවත් වූ තරුණියක් යළි උපදී

අසංක

අසංක

ජිබ්රොල්ටාවෙ යුරෝපා තුඩුව අසල ගුහාවක තිබී හමුවු මීට වසර 7500 පමණ පෙර ජීවත් වූ කාන්තාවකගේ අස්ථි කොටස් මගින් ඇයගේ උඩුකය කොටස වෝහාරික ප්‍රතිනිර්මාණයක් කිරීමට පර්‍යේෂණයකයන් පිරිසක් සමත් වී තිබේ. එය ලෝකය හමුවේ ඊයේ නිරාවරණය කරන ලද්දේ උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජෝන් කෝර්ට්ස් විසිනි. මෙම ප්‍රතිනිර්මාණය හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය හා ජිබ්රොල්ටා කෞතුකාගාරයත් ඒකාබද්ධව කරන ලද්දකි.

ක්‍රිස්තුපූර්ව 5400 දී පමණ එනම්, නියෝලිතික අවධියේ හෙවත් නව ශිලා යුගයේ ජීවත් වූ බවට සැළකෙන ඇය හඳුන්වා දී ඇත්තේ ‘කැල්පියා’ නමින්. ඇයගේ විනාශ වී තිබූ හිස්කබල කොටස යුරෝපා තුඩුවේ ගුහාවක තිබී පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබුණේ 1996 දීය.

ඇයගේ හිස්කබල කොටස නවීන ස්කෑන් ක්‍රම භාවිතයෙන් කපාල ප්‍රතිසංස්කරණය මගින් මෙම කොටස ප්‍රතිනිර්මාණය කිරීමට හැකිවී තිබේ. ඉන්පසුව වෝහාරික විද්‍යාවේ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් කපාලයට ජීවමාන ස්වරූපය නැවත ලබාදී ඇත.

වසර මිලියන ගණනකට පෙර මියගොස් කැබලි වී ගිය කපාල පවා නැවත සකස් කිරීමේ හැකියාව මේ තාක්ෂණය සතුව තිබෙන බව පර්‍යේෂණයකයෝ පෙන්වා දෙති.

මේ සඳහා 3D print හෙවත් ත්‍රිමාණ මුද්‍රණයක් ද භාවිතා කෙරේ. කැල්පියාගෙ සමේ වර්ණය අස්ථි මගින් ලබාගත් DNA අනුසාරයෙන් ‍යොදා ඇති වර්ණකයක් වීම මෙහි ජීවමාන ස්වරූපය ලබාගැනීමේ තවත් රහසක්බව කිව හැකිය. ඇයගේ DNA සාම්පල විශ්ලේෂණය ජානමය තත්ත්වයන් පරීක්ෂාවක් ද මේ සඳහා උපයෝගී කරගෙන තිබේ. ඇයගේ හිසකෙස් සකස් කිරීමේ ක්‍රියාවලිය මාස 6ක් පුරා සිදුකර ඇත. අවසානයේ නිගමනය කර ඇත්තේ ඇය මියයනවිට වයස අවුරුදු 30-40ත් අතර වන්නට ඇති බවයි.

මෙම ප්‍රතිනිර්මාණයේදී වෛද්‍ය විද්‍යාව, භෞතික මානව විද්‍යාව, මානව විද්‍යාව සහ මූර්ති ශිල්පයේ එකතුවක ප්‍රථිඵලයක් ලෙස අවසාන සැකැස්ම සිදුවී ඇති බව කිව හැකිය.

කැල්පියාගෙ ආසන්නතම මුතුන් මිත්තන් ජිබ්රොල්ටාවට සංක්‍රමණය වූවන් බවත් ඇය ඇනටෝලියානු (වර්තමාන තුර්කිය) මුතුන් මිත්තන්ගෙන් පැවැත එන බවත් අනුමාන කෙරේ.

YouTube player
image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී