නවතම පුවත්

බන්ධනාගාරයෙන් පලාගිය සැකකරුවකු හා උදව් දුන් 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

පොල්ගහවෙල පොලිස් වසමේ ඔරලියද්ද ප්‍රදේශයේදී පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෑගල්ල බන්ධනාගාරයෙන් පලාගොස් සැඟව සිටි සැකකරුවෙකු බෝර 12 පතරොම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ, නාත්තන්ඩිය, තබ්බෝව ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු 2018.02.25 වන දින පොල්ගහවෙල පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමක් සම්බන්ධයෙන් කෑගල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී 2019.02.09 වන දින පලාගිය සැකකරුවෙකු වේ.

ඉහත සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ 51 හැවිරිදි පුහුරියගැටබේරිය පදිංචි අයෙක් සහ 44 හැවිරිදි, ඔරුලියද්ද, පොල්ගහවෙල පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි