නවතම පුවත්

වීදියේ වාදනයෙන් ලොවක් වසඟ කළ පුංචි දැරිය

අසංක

අසංක

කැරොලිනා ප්‍රොට්සෙන්කෝ 11 හැවිරිදි වයලීන වාදනයෙහි අතිදක්ෂ පුංචි දැරියක්. ඇය දැන් වෙසෙන්නේ අමෙරිකාවේ වුවත් ඇය ඉපදී තිබුණේ යුක්‍රේනයේ.

කැරොලිනා තම මාපියන් වන නිකලෙයි සහ එලා සමග අමෙරිකාවේ පදිංචියට එන්නේ වයස අවුරුදු 6 දී.

අමෙරිකාවට ආ දා සිටම ඇය වයලීන් වාදනය හැදෑරීම ආරම්භ කළාය. 2018 මුල් භාගයේ ඇයගේ බාල සහෝදරයා වූ ලියෝ උපත ලැබුවා.

කැරොලිනා 2017 අග භාගයේදී වීදියේ වාදනය ආරම්භ කළාය. සැන්ටා මොනිකා 3 වන වීදියේ තැනක හැමදාම පාහේ ඇසෙන හිත මොහොතකට නවතන වයලීන් වාදනය කැරොලිනාගේය. ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සෙවීමටත් ඇයට වාදනයේ ඇති පිපාසයත් ඇය වීදියේ වාදනයට පෙළඹවූවාය.

කැරොලිනාට යූ ටියුබ් නාලිකා 2 ක් ෆේස්බුක් සහ ට්විටර් සහ ඉන්ස්ටග්රෑම් හි ද සිටී. වසර 2 කට අඩු කාලයක් තුළ රටවල් 50 කට අධික සංඛ්‍යාවක ඇගේ රසික සංඛ්‍යාව මිලියන ගණනක් දක්වා වර්ධනය වී තිබෙනවා. යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ඇයගේ වීඩියෝ මිලියන 100 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇත්තේය.

කැරොලිනා ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ හදාරන්නියක වන අතර ඇයට ඕනෑම ගීතයක් වයලීනයෙන් වාදනය කිරීමට හැදෑරීමට යන්නේ පැයක පමණ කාලයක්.

එහිදී ඇය ඇය තමාගේම සංගීත ස්වර අලංකාර ආදිය යෙදෙන අතර ඇය පවසන පරිදි “මම නෝට්ස් කිහිපයක් එකතු කළා” යනුවෙන්ද පවසා කරන ඉදිරිපත් කිරීම කාගේත් සිත් සොරාගන්නක්. මුලින් ඇයට කියා කිසිදු අසන්නකු නොසිටියත් අද වනවිට සැන්ටා මොනිකා වීදිය පිරන තරමට ඇයගේ ඉදිරිපත් කිරීම නරඹන්නන් මෙන්ම ලොව පුරා ද විශාල පිරිසක් ඇයගේ අපූර්ව වාදනය වටා රොක්වී සිටී.

YouTube player
YouTube player
YouTube player
YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි