නවතම පුවත්

ඉන්දියාවේ වටිනාම බෞද්ධ ප්‍රතිමා මුලතිව් මුහුදෙන් මතුවන දින ළංවෙයි

අසංක

අසංක


• එස්.එස් ඉන්දුස් මුහුදුබත්වී (SS Indus) අවුරුදු 134ක්
• ඇලෙක්සැන්ඩර් කනින්හැම්ගෙ හොදම එකතුව
• ලන්ඩන් යන්න කලින් ගිලුන එක පුදුමයි


ඉන්දියාවේ බෞද්ධ විහාරවල තිබි සෙයාගත් තුන්වන සියවසට අයත් වටිනාම බෞද්ධ ප්‍රතිමා හා කැටයම් විශාල සංඛ්‍යාවක් ලන්ඩන් බලා ගෙනයමින් තිබියදී මෙයට වසර 134කට පෙර මුලතිව් මුහුදේ ගිලී ගිය එස්.එස් ඉන්දුස් (SS Indus) නෞකාවේ වටිනා පුරාවස්තු සොයා කළ කැණීම් බලාපොරොත්තු දැල්වීමේ අවස්ථාවට පැමිණ ඇතැයි මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ආරංචි මාර්ග සදහන් කරයි.
වසර එකසිය විසි අටක් සැගවී තිබුණු මෙම නැව ගිලී ඇති ස්ථානය මෙයට වසර හයකට පෙර එනම් 2013 අගෝස්තු මාසයේදී මුලින්ම හදුනා ගැනීමට මුහුදු පුරාවිද්‍යා ඒකකය සමත්විය. එතෙක් මෙම සොයා ගැනීම් ප්‍රමාදවීමට යුද්ධයද බලපෑවේය. මෙම සොයගැනීම කළ දා පටන් වසර ගණනාවක් තිස්සේ අදාල නෞකාවේ කැණීම් කටයුතු සිදුකිරීමට උත්සාහ දැරුවද වැලි පරයක් අසල තිබෙන මෙම නෞකාව පැහැදිලිව දැක ගැනීමට ජලයේ අපහැදිලිබව මුලිකවම බාධාවක් වී තිබිණි.
නමුත් පසුගියදා ඇරඹි නව කැණීම් කටයුතුවලට විශාලම සහයෝගය ලැබී ඇත්තේ ඉතා පැහැදිලිව නෞකාව දිස්වීමයි. මෙම කැණීම් කටයුතු ඉදිරි මාස දෙක පුරා පැවැත්වීමට නියමිතව ඇත. වසර සිය ගණනක් තිස්සේ මුහුදුබත්වී තිබෙන ඉන්දියාවේ තිබු වටිනාම බෞද්ධ කැටයම් හා පිළිම මෙම ‌ෙනෟකාව සමග මුහුදු බත්වී ඇති බව විශ්වාසයයි.


ඉන්දියාවේ පළමු පුරාවිද්‍යා සමීක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පැවැසෙන සර් ඇලෙක්සැන්ඩර් කනින්හැම් මහතා මෙම වටිනා බෞද්ධ ප්‍රතිමා,කැටයම් සහ භාණ්ඩ ලන්ඩනය වෙත යැවීමට පියවර ගෙන ඇත්තේ ලන්ඩන් කෞතුකාගාරයේ තිබෙන ප්‍රදර්ශනයකට බව කියැමිණි. කෙසේ වෙතත් එම වටිනා බෞද්ධ පුරාවස්තුවලට ලංකාවට එහා යාමට අවකාශයක් නොලැබිණි.


ශ්‍රි ලාංකේය මුහුදු කලාපයේ තිබෙන මෙම පෞරාණික වස්තුවල අයිතිය ඇත්තේ මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. පුරාවිද්‍යාඥයන්ගේ මගපෙන්වීම යටතේ මේ වනවිට පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරින් මුලතිව් මුහුදේ කිමිදෙමින් මෙම ‌ෙඑතිහාසික උරුමය කැණීම් කිරීමට පටන්ගෙන තිබේ.


මුලාශ්‍රගත නිල නොලත් තොරතුරු අනුව මුලතිව් වැලි පරයේ වැදී නැවතුණ නෞකාව නැංගුරම නොදා පසුපසට ගෙන නැවත දියත්කිරීමේ හැකියාව තිබියදී නැංගුරම දැමීම හේතුවෙන් තවත් නෞකාවේ කපිතාන්ට නෞකාව බේරා ගැනීමට නොහැකිවුවායැයි සැලකේ. නෞකාව බේරාගැනීමට තිබු අවස්ථාවක් එසේ අත්හැරීමට කපිතාන්වරයා කටයුතු කර ඇත්නම් එය පුදුමය දනවන සුළු බව පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරියෙකු ද කළම්බො එක්ස්ප්‍රස්වෙත හෙළි කළේය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සදහන් පරිදි එස් එස් ඉන්දුස් 1885 වර්ෂයේ දි භාරත් කැටයම් හා වෙනත් භාණ්ඩ විශාල පමානයක් සහිතව ඉන්දියාවේ මැඩ්ඩාස් නගරයේ සිට ලංකාව හරහා එංගලන්තය දක්වා ගමන් කරමින් තිබියද උතුරු පළාතේ මුලතිව් මුහුද ආශිතව ගිළි ගොස් ඇත.


මෙම සාහිත්‍ය මුලාශ‍්‍ර ගවේෂණය සදහා මහින්ද කරුණාරත්න හා රුක්ෂාන් ප‍්‍රියන්දන සහභාගිවුහ.
මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥයකු වන නන්දදාස සමරවීර මහතා මෙම නෞකාව පිළිබදව මූලාශ‍්‍ර තොරතුරු රැසක් එක්රැස් කළේය.

එහිදී ආතර් සී ක්ලාක්, චාල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ 1962-63 වාර්තාවන්, පැරණි පත්තර වාර්තාවන් හා අන්තර්ජාල තොරතුරු සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය සදහා පාදක වී ඇත. එතුමා මූලාශ‍්‍ර එකතුකරමින් රචිත“ඉන්දියාවේ භාරුත්හී අගනාම කලාකෘති ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදේ SS Indus සොයා යන ගවේෂණ ඇරඹෙයි” යන ලිපිය ගවේශණයේදී අත් පොත්ක් ලෙසින් භාවිතා කළ හැකිවිය.

එම මූලාශ‍්‍ර සාධක හා නාවික සැලසුම් (Nautical Charts) මුල්කරගනිමින් මෙම ගවේෂණය සදහා අවශ්‍ය පියවරයන් සිදුවිය.පසුගියදා (SS Indus) නෞකාවේ වර්තමාන ස්වරූපය දැක්වෙන ඡායාරූප පෙළක් නිකුත්විය. මේ අදාල පුරාවිද්‍යාඥයන් නෞකාව අසල කැණීම් කටයුතු කරන ආකාරයයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?