දේශපාලන

Share now!

ජනපති සොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමැතුමක් දී විශේෂ පිළිසදරක නිරතවී ඇත.

මෙම ඇමැතුමට හේතුවී ඇත්තේ පසුගියදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමුවී රහස් සාකච්ඡාවක යෙදුනු බවට මාධ්‍යයේ පළ වු වාර්තාය.

තමන් එවැනි රහස් සාකච්ඡාවකට එක් නොවු බවත් මාධ්‍යයේ පළවු කරුණු අසත්‍යය බවත් පවසමින් ඩඩ්ලි සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ.

ඩඩ්ලි -සජිත් හමුවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසීමට පැමිණි අමාත්‍යවරුන්ට අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩඩ්ලි මට කතා කොට එවැනි සාකච්ඡාවක් නොවුන බව පැවැසුවා යන්නයි.

කෙසේ වෙතත් මෙම දුරකථන සංවාදය ගැන ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රතිචාර දැක්වුවහොත් එම තොරතුරු ද කළම්බො එක්ස්ප්‍රස් වාර්තා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment