නවතම පුවත්

සුපිරි ගායක කෙලීට එරෙහි රැල්ල හමුවේ ලංකා සංචාරයත් නවතින ලකුණු

අසංක

අසංක

ආන්දෝලනාත්මක අමෙරිකානු ගායකයකු වූ ආර්. කෙලීගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදුනොවීමට ඉඩඇතැයි වාර්තා වේ.

කෙලීගේ සංචාරය අත්හිටුවමීන් ඔස්ටේ‍්‍රලියානු රජය විසින් තහනමක් පැනවීමට කටයුතු කිරීමත් සමග සෙසු රටවල් ද ඒ පිළිබද අවධානය යොමුකිරීමට පටන්ගෙන තිබේ.

ඔහු නුදුරේදීම ඔ්ස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා ශ‍්‍රී ලංකා සංචාරයක නිරතවීමට කටයුතු කරන බවට පවසා තිබුණ ද ඔහුට එරෙහිව ආ රැුල්ල හමුවේ වහා එම සටහන සියලු සමාජ ජාල ගිණුම්වලින් මකා දැමීමට කටයුතු කර තිබුණි.

ආර්.කෙලී සිය රටතුළ ප‍්‍රසංග පැවැත්වීම අත්හිටුවීමට ඔ්ස්ටේ‍්‍රලියානු රජය පියවර ගත්තේ විපක්ෂයෙන් ආණ්ඩුවට කරන ලද බලපෑම හමුවේයි.

52 හැවිරිදි කෙලී කාන්තාවන් හා බාලවයස්කාර තරුණියන්ට ලිංගික අපචාර, කායික හා මානසික වශයෙන් බරපතළ අපහරණයට ලක් කරන අයෙක් බවට චෝදලා විශාල සංඛ්‍යාවක් ඔහුට එරෙහිව අධිකරණ තුළ ගොඩගැසී තිබේ.

ඔහු ඒවා සියල්ල ප‍්‍රතික්ෂේප කරන නමුත් කෙලී ලොව පුරා ප‍්‍රසංග පැවැත්වීම තබා සංචාරය කිරීම හෝ වැළැක්විය යුතු බරපතළ අපරාධකරුවකු බව පවසමින් ලලලල නමැති ඔන්ලයින් විරෝධතා ව්‍යාපාරය ද මිලියන ගණනින් නැගී ඒම කෙලීට සීමා පැනවීමට හේතුවී ඇත.

අමෙරිකානු ජාතිකයකු වන කෙලී ගායකයෙක්, ගී පද රචකයෙක්, නිෂ්පාදකයෙක් මෙන්ම හිටපු වෘත්තීමය පැසිපන්දු ක‍්‍රීඩකයෙක් ද වේ.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්