නවතම පුවත්

15 වියැති දැරියගේ සිද්ධිය විමර්ශනයට නීතිපතිගෙනුත් කණ්ඩායමක්

අසංක

අසංක

අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15ක දැරියක්‌ අලෙවි කිරීම, මිලදී ගැනීම, ස්ත්‍රී දූෂණයට භා ලිංගික අපයොජනයට අදාළ පොලිස් විමර්ශනයට අවශ්‍ය උපදෙස්‌ ලබා දීම සඳහා අතිරේක සොලිසිටර්‌ ජෙනරාල්වරයෙකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිපදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නීතිපතිවරයා විසින්‌ පත්‌ කර තිබේ.

විමර්ශන කඩිනම්‌ කිරීමටත්‌ සාක්ෂි නිසි ලෙස ගොනු කිරිමටත්‌ අවශ්‍ය උපදෙස්‌ ඔවුන්‌ විසින්‌ ලබා දෙමින්‌ සිටින බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය, නීති විරෝධි දේපල හා වත්කම්‌ විමර්ශන කොට්ඨාසය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, තැනැත්තන්‌ වෙළදාම, ජාවාරම්‌ විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය යන කොට්ඨාස ඒකාබද්ධ වෙමින්‌ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජ්‍යොෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන මහතාගේ අධීක්ෂණයෙන්‌ විමර්ශන කටයුතු සිදු කරයි.

කඩිනමින්‌ විමර්ශන අවසන්‌ කොට සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම මූලික අපේක්ෂාවයි.

මෙතෙක්‌ අත්‌අඩංගුවට ගත්‌ සියලුම සැකකරුවන්‌ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්‌ අධිකරණය අංක 06 වෙත ඉදිරිපත්‌ කිරීමට කටයුතු කර ඇත.

2021.06.07 වන දින පුද්ගලයකු විසින් දැරියක්‌ අන්තර්ජාලය ඔස්සේ ලිංගික අවශ්‍යතාවයන්‌ සඳහා අලෙවි කරමින්‌ සිටින බවට ගල්කිස්ස මූලස්ථාන පොලිස්‌ පරීක්ෂක දිලීප පෙරේරා මහතා වෙත ලද තොරතුරක්‌ මත වයස අවුරුදු 35ක්‌ පමණ වන සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන පොලිසිය මඟින්‌ විමර්ශන ආරම්භ කරන ලදී.

එහිදී පොලිසිය භාරයට ගත්‌ අවුරුදු 15ක්‌ වූ දැරිය විසින්‌ සහ සැකකාරියක්‌ වන ඇයගේ මවද ප්‍රධාන සැකකරු ද සිදු කරන ලද අනාවරණයවීම්‌ මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී .

මෙම දැරිවිය 2018 වර්ෂයේ දී තම පියා අතින්‌ දූෂණය වීම මත පියා ද අත්‌අඩංගුවට ගනු ලැබූ අතර මව ද මෙම අපරාධ සඳහා ආධාර අනුබල දී ඇත.

අනාවරණය වූ තොරතුරු මත මේ සඳහා ගැඹුරු විමර්ශනයක්‌ සිදු කළ යුතු බවට නිරීක්ෂණය වූ හෙයින්‌ පොලිස්පතිතුමා විසින්‌ මෙම විමර්ශනය පොලිස්‌ මූලස්ථාන ළමා භා කාන්තා අපයොජන නිවාරණ කාර්යාංශය වෙත භාර කරන ලදී.

මේ වන විට, මෙම දැරිය අන්තර්ජාල වෙබ්‌ අඩවි ඔස්සේ සම්බන්ධ වී ලබාගෙන දූෂණයට ලක්‌කරන ලද සැකකරුවන්‌ 41දෙනෙකු පමණ අත්‌අඩංගුවට ගෙන වරින්‌ වර අධිකරණය වෙත ඉදිරිපත්‌ කර ඇත. සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්‌ මෙහි සැකකරුවන්‌ බවට පත්‌ වී ඇත.

මෙහිදී අනාවරණය වී නිබෙන සියලු දුරකථන චාර්තා, අන්තර්ජාල වෙබ්‌ අඩවි, බැංකු චාර්තා, සී.සී.ටී.වී මෙන්ම වෙනත්‌ තොරතුරු විශ්ලේෂණය කරමින්‌ විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුළුල්‌ කර ඇත.

මේ වනවිට ලිංගික ක්‍රියාවන්‌ සඳහා යොදා ගැනෙන වෙබ්‌ අඩවි කිහිපයක්‌ තහනම්‌ කිරීමට අධිකරණයෙන්‌ දන්වා ඇත.

ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන්‌ සභාවෙන්‌ අධිකරණය විමසීම්‌ කර ඇත. තවදුරටත්‌ පචතින එවැනි වෙබ්‌ අඩවි මොනවාද යන්න හදුනා ගැනීමට ශ්‍රි ලංකා පොලිසිය විසින්‌ කටයුතු කරමින්‌ සිටියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි