BREAKING NEWS

Share now!

සහරාන්ගේ නැගෙනහිර නායකයා වන කල්මුණේ සියාම්ගෙන් ලැබුණු තොරතුරු මත ඔලුවිල් පාලමුනෙයි ඉඩමක වලදමා තිබූ ආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් නමැත්තාගේ කණ්ඩායම විසින් වළදැමූ ඒවා බවට මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය සොයගත් ආයුධ අතර ටී 56 ගිනිඅවියක්, මැගසින් 1ක්, ඩෙටනේටර් 7ක්, හදුනානොගත් පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් මෙහිදී සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment