නවතම පුවත්

2020 එහා ශ්‍රි ලංකාව ගැන කතා කරන ‌වෛද්‍ය සාරංග අලහප්පෙරුම

අසංක

අසංක

 මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා ලෙසත් එමෙන්ම ආයතන ගණනාවකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ‌වෛද්‍ය සාරංග අලහප්‌පෙරුම මහතා දෙස් විදෙස් රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, විද්වතුන්, උගතුන්, වෘත්තිකයන්, ආගමික නායකයන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් සමඟ වසර දහයකට අධික කාලයක් තිස්සේ කරන ලද සාකච්ඡා අදහස් හුවමාරු කර ගැනීම් වලින් ලද තොරතුරු ඔස්සේ පර්යේෂණාත්මක කෘතියක් ‌ලෙස 2020 න් එහා  ශ්‍රී ලංකාව නමින් ග්‍රන්ථයක් පසුගියදා දොරට වැඩියේය. ‌මේ The Colombo Express සමග ඔහු කළ සාකච්ඡාවකි.

ඇයි මෙහෙම පොතක් ලියන්න හිතුවේ?

ගමෙන් නගරයටත් පාසලෙන් විශ්වවිද්‍යාලයටත් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස රෝහලටත් එමෙන්ම  පරිපාලකයෙකු ලෙසත් දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේත් මම ‌බොහෝ අත්දැකීම් ලබා ගත්තා. ඒ විතරක් ‌නෙමෙයි සිවිල් සමාජයෙන් ලද අත්දැකීම් සමඟ මට වැටහී ගිය කාරණාව වූයේ ඉතාම පහසුවෙන් අපේ රටේ සමස්ත ජනතාවට අපගේ ශ්‍රී ලාංකීය බව ආරක්ෂා කර ගනිමින් වඩාත් යහපත් දියුණු සමාජ සහ ආර්ථික ජීවිතයක් ලබා දිය හැකි බවයි.

ඒ නිසා සංවර්ධිත දේශයක් අපේකම රැකගනිමින් නිර්මාණය කරන්නට අප විසින් කළ යුතුව ඇත. ඉතා කුඩා වෙනස්කම් කීපයක් වුවත්  එය ප්‍රමාණාත්මකව ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම පාලකයන් අවබෝධ කර නොගැනීම නිසා මෙම වෙනස්කම් සිදු කළ යුතුව තිබේ. ඊට විසඳුමක් විදියට තමයි මේ පොත සම්පාදනය කරන්නේ. මෙහි තියෙන්නේ මගේ අදහස් විතරක් නෙමෙයි. විවිධ සමාජ වල ගැටෙමින් හැසිරෙමින් ඔවුන් සමග කටයුතු කර ගනිමින් ලද අත්දැකීම් සහ සමාජයේ  අදහස්. ඒ එක්කම ලෝකයෙ ඉතාම සාර්ථක වූ රටවල රාජ්‍ය නායකයන්ගේ, දාර්ශනිකයන්ගේ වගේම නවීන දැනුම ඇතුළත් කළා.

මොකක්ද මේ පොතෙන් ඔබ බලාපොරොත්තු වෙන අරමුණ?

මා මේ පොත පුරා එක මූලික ප්‍රශ්නෙකට තමයි පිළිතුරු සොයාගෙන යන්නේ. එය අරමුණු කරගෙන තමයි මා වසර දහයකට අධික කාලයක් මේ සමාජ සමීක්ෂණයේ යෙදෙන්නේ. ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ට අපේකම තියාගෙන වඩාත් හොඳ සමාජ සහ ආර්ථික ජීවිතයක් දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන තමයි ඒ සඳහා විසඳුම් සොයාගෙන යන්නේ. අපේ රටේ මිනිස්සුන්ට එහෙම වඩාත් සාර්ථක යහපත් ජීවිතයක් දෙන්න බැරි වෙලා තියෙන්නේ හේතු අපට දැනගන්න ඕන. පළමු එක තමයි අපේ භූගෝලීය පිහිටීම ප්‍රශ්නයක්ද? සංස්කෘතිකමය ප්‍රශ්නයක් ද? නැත්නම් නොසැලකීම ප්‍රශ්නයක්ද? මෙයාකාරයෙන් හැමදේම කල්පනා කලාම මට අවබෝධ වී ගියපු කාරණාව තමයි අප සැබෑවටම සැබෑ ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය මැදිහත්වීම අවංක ලෙස නොකරපු නිසා තමයි මේ ප්‍රශ්නය උද්ගත වෙලා තිබෙන්න. නමුත් වාසනාවකට වගේ අපේ රටේ අවශ්‍ය ප්‍රශ්න ගණනාවක් අපි විසඳගෙන තියෙන නිසා අපට කෙටි කාලයකින් වඩාත් සංවර්ධිත දේශයක් නිර්මාණය කරගන්න පුළුවන්. මගේ අධ්‍යනය අනුව නම් එයට වසර තුනක වගේ කෙටි කාලයක් ප්‍රමාණවත්. ඒකට මූලික හේතුව තමයි අප රටේ අධ්‍යාපන මට්ටමත් සෞඛ්‍ය මට්ටමත් ලෝකයේ ඉතාම දියුණු රටවල් එක්ක සංසන්දනය කරන්න හැකියාව ලැබී තිබීම. ඒත් එක්කම අපේ රටේ සංස්කෘතිය වසර දහස් ගණනක් පෝෂණය වෙලා තිබෙන්නේ විද්‍යාත්මක ඉගැන්වීමක් මත පදනම් වුණු වගේම අවිහිංසාව මත පදනම්වය. මේ කාරණා තුන අපට ඉතාම වැදගත් රට සංවර්ධනය කර ගන්න. මේ කරුණු තුන ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍ය සුළු සුළු වෙනස්කම් කරගනිමින්  අපේ කමට වඩාත් ගැලපෙන සංවර්ධනයක් උදාකර ගැනීමට අවශ්‍ය මග කියන්න තමයි මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. සමහර දේවල් දේශපාලඥයින්ට කරන්න තියෙනවා. සමහර ඒවා නිලධාරීන් තිබෙනවා. සමහර ඒවා සමාජ ක්‍රියාකාරීන්ට. ඒත් එක්කම සිවිල් වැසියන්ට තනි පුද්ගලයන්ට විදියට අපි හැමකෙනෙක්ටම කාර්යභාරය නිවැරදි සාකච්ඡා කරල තියෙනවා. 

මොනවද ඔබ ඒ ඒ අය වෙනුවෙන් කරන යෝජනා?

ඇත්තටම වසර දහයක මගේ සමීක්ෂණය අවසන් වුනේ පහුගිය වසර අවසාන වෙනකොට. එයින් පස්සේ මේ වසර මුල ඉදලා මම ඒ කරුණු පුළුල්ව කරැණු  විදිහට අරගෙන සාකච්ඡා කලා. ඒ සාකච්ඡාව ඇතුලේ ජනවාරි සිට මාර්තු දක්වා විවිධ කණ්ඩායම් එක්ක සාකච්ඡා කළා. මාර්තු සිට සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව සාකච්ඡා කරලා මැයි මස තිස් වැනිදා ඒක කරුණු විස්සක් විදියට එහි සංක්ෂිප්තය එළිදැක්වූවා 20 for 2020නමින්. ඉන් අනතුරුව මාස තුනක පමණ කාලයකට පස්සේ සෑම කෙනෙකුටම පරිශීලක ගන්න පුළුවන් පොතක් විදියට තමයි  මේ පොත සම්පාදනය කරන්නෙ. මේ කාරණා වලදී මම සෑම පක්ෂයකම වගකීවයුතු දේශපාලනඥයන්ට ආරාධනා කළා. ඒත් එක්කම ආගමික නායකයන්ට පොත පිළිගැන්වූවා. ඒත් එක්කම සමාජ විද්වතුන් උගතුන් මේ හැම දෙනාම මේ කටයුත්තට සම්බන්ධ කරගත්තා. මොකද මේ රට හදන්න එක අපි කාගේත් වගකීමක් වගේම අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක් නිසා. 

මේ වැඩසටහන තුළ  කරුණු විස්සක් ඇතුළත් වුණාට මං මෙවර මූලික කරුණු හතරක් තේමා කර ගන්නවා. ඒව ඉදිරි  මැතිවරණ සටන් පාඨ විදිහට බොහෝ දේශපාලන පක්ෂ ගනීවි. නමුත් මගේ අදහස මේ මැතිවරණයට කලින් එහි බොහෝ කරුණු ඉටු කරන්න පුළුවන් කියලා. 

පළමු කාරණය තමයි ජාති, ආගම්, කුල හා ප්‍රාදේශියත්වය වැනි ගෝත්‍රිකත්වය ලක්ෂණ සහිත දේශපාලන පක්ෂ තහනම් කිරීමත් ඉදිරියේදී එවැනි දේශපාලන පක්ෂ ඇතිවීම වැළැක්වීමටත් අවශ්‍ය ප්‍රතිපාදන විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරන්න කියලා එක. 

දෙවැනි කාරණය තමයි සෑම පුරවැසියෙකුටම එකම නීතියක් බලපැවැත්විය යුතු යන්න විසිවන ව්‍යවස්ථාව සංශෝධනයට ඇතුළත් කළ යුතු යන්න. 

තුන්වැනි කාරණය තමයි අපේ රටේ සෑම මහජන නියෝජිතයෙක්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වගේම ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් තමන්ගේ වත්කම් රජයේ විශේෂ වෙබ් අඩවියක ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඔවුන් එම තනතුරුවලින් ඉවත් වෙලා යන දවසට ඔවුන්ගේ ඒ අයගෙ ආදායම් වියදම් සහ ඉතිරිය ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්. එතකොට මහජන මුදල් වංචා කරන්නට ඉඩකඩ බොහෝ වෙලාවට ඇහිරෙනවා. ඒත් එක්කම අනවශ්‍ය විදිහට සමාජයෙන් එල්ල වන චෝදනා නතර වෙනවා. අපේ සමාජයේ විශාල ව්‍යාධියක් වෙලා තියෙන මහජන මුදල් මංකොල්ල නතර කරන්න මේක හොඳ ආරම්භයක් වෙනවා. එතකොට සැකයන් ගැටලුවක් මතු වන කොට ඔවුන්ගේ පවුල්වල අයගේ සහ විශේෂ හිතවතුන් ඉන්නවනම් ඔවුන්ගේ වත්කම් පරික්ෂා කරලා සැබැවින්ම මහජන මුදල් වංචාවක් කරල තියෙනවද කියන එක සොයාගන්න එක හරිම පහසු කටයුත්තක්. වැරදිලා හරි තමන් සතු දේපළ දේපළ නිවැරදිව ප්‍රසිද්ධ නොකර තිබුණොත් ඒවා රජයට පවරා ගන්න කටයුතු කරන්න පුළුවන්. 

සිවවන කාරණය තමයි දේශපාලනඥයාගේ සැබෑ කාර්ය භාරය දේශපාලකයන්ටත් සමාජයටත් අවබෝධ කර දීම. අපේ රටේ  දේශපාලනඥයෝ සහ සමාජය යන දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ දේශපාලකයාගේ මූලික කාර්යභාරය උත්සවවල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගි වන එක, මලගෙවල් දානේ ගෙවල්වල වෘත්තිය විදිහටම සහභාගිවන එක, මඟුල්තුලා වලට අත්සන් කරන එක, මාධ්‍ය ඇතුලෙ පෙනී ඉන්න එක, හිතවතුන්ට රැකියා සහ ස්ථාන මාරුවීම් ලබාදෙන එක, තමන්ගේ පාක්ෂිකයන්ට ටෙන්ඩර් ඇතුළුව ආර්ථික වාසි ලබා දෙන එක කියලා. ඇත්තටම දේශපාලනඥයන්ගේ වගකීම ඒ එකක්වත් නෙවෙයි. ඔහුට පැවරිලා තියෙන්නේ රටේ වර්ථමාන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නීති රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා පසුවිපරම් කිරීමත්, ජනතාවගේ සැබෑ උවමනා එපාකම් සොයා බැලීමත්. නමුත් අවාසනාවකට ඒවා කරන්න අපේ රටේ දේශපාලඥයන්ට  කිසිම වෙලාවක් නෑ අනවශ්‍ය වැඩකටයුතුවල පැටලිච්ච නිසා. සැබවින්ම සැබෑ දේශපාලනඥයාගේ කාර්යභාරය හදුනා ගෙන කටයුතු කරන දේශපාලනඥයෝ මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. ජනතාවටත් නොදැනුවත්වම උවමනා වෙලා තියෙන්නෙ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පුළුල්ව කටයුතු කරන දේශපාලනඥයන්ට වඩා පෞද්ගලිකව ඔවුන් ගැන සොයා බලන ඔවුන් තෘප්තිමත් කරන පිරිස්. එනිසා දේශපාලනඥයෝත් මිනිස්සුන්ට උවමනා විදියට හැඩ ගැහිලා තියෙනවා. එනිසා දේශපාලකයෝ වගේම සමාජයත් තේරුම්ගන්න ඕන ජාතික තලයේ දේශපාලනඥයාගේ සැබෑ කාර්යභාරය මොකක්ද කියන එක. ඒක තේරුම් අරගෙන දෙපාර්ශවයම ඒ අනුව කටයුතු කරන තාක් මා විස්වාස කරන්නෙ නෑ අපේ රටේ තිබෙන මූලික ප්‍රශ්න කිහිපය විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මොකද දේශපාලනඥයන්ට ඊළඟ මැතිවරණයේදී දිනන්න නම්  අනවශ්‍ය වැඩ කරන්න වෙලා තියෙන නිසා.  

මවිසින් සිදුකළ සිදු කළ අධ්‍යයනයේදී මට පැහැදිලිව වුන කාරණයක් තමයි බලයේ සිටින දේශපාලකයන් හමුවෙන්න එන අයගෙන් 90% කට වඩා වැඩි පිරිසක් එනිනේ රැකියා සහය ස්ථාන මාරු වීමේ අපේක්ෂාවෙන්. එයිනුත් 90% කට වඩා වැඩි පිරිසක් සාමාන්‍ය සහ උසස් පෙළ මට්ටමේ ඇතුළත් විය හැකි රැකියා සහ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන්. මොකද වසරකට මේ සඳහා ඇතුළත් වන්න සුදුසුකම් ලබන දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වෙනවා. නමුත් රාජ්‍ය සේවයේ ඒ මට්ටමෙන් ඇතුළත් විය හැකි රැකියා පුරප්පාඩු ඇතිවෙනනෙ වසරකට විසිපන්දහසක් තිස්දාහක් විතර. ඒ නිසා හැම කෙනාම දේශපාලනඥයෝ වටේ කැරකෙනවා. දේශපාලනඥයන්ටත් ඔවුන්ට බොරු කියලා සීමාවක් නැති වෙනවා. මේ රැකියා  සඳහා ඇතුළත් වෙන්න මෙහිදී යෝජනා කරනවා මුලින්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ මට්ටමින් බඳවා ගන්නා රැකියා වලට ජාතික මට්ටමේ පොදු තරග විභාග දෙකක් පවත්වලා එහි ලකුණු මට්ටම අනුව බඳවා ගන්න කියලා. ඇත්තටම මේ රැකියා වැටුප් කළ දෙකක තමයි තියෙන්නෙ. කලමනාකාර සහකාර සේවා මට්ටම සහ ඊට පහළ සේවා මට්ටම. පහළ සේවා මට්ටමට කාර්යාල කාර්ය සහයක, රියදුරු, රෝහල් කම්කරු ආදී එකම වැටුප් තලයක ඇතුලත් ඇතුළත් රැකියාව වර්ග ගණනාවක් තියෙනවා. සාධාරණ තරග විභාගයකින් පදවා ගත්තොත් දක්ෂයින්ට රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නූතන තොරතුරු තාක්ෂණය භාවිත කරමින් Online සිදු කරන්න ගත්තට පස්සේ අනවශ්‍ය විදිහට දේශපාලනඥයින් ලගට කිසිම කෙනෙකුට යන්න වෙන්නෙ නෑ. එතකොට  දේශපාලකයන්ට පුළුවන් ඔවුන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න. ඒ තුළින් වඩාත් නිදහස ලැබෙන්නේ දේශපාලකයන්ට. ඒ කරුණු හතර ඉදිරි මැතිවරණයට පෙර ඉටු කරගන්න මූලිකවම පෙළ ගැහිලා ඉන්නවා. ඒ වගේම අප ජීවත් වෙන්නේ හතරවන කාර්මීකරණය විප්ලවීය යුගයෙ. ඒ නිසා ඊට අපත් අනුගත වෙමින් තාක්ෂණික භාවිතය හැකි සෑම විටම නිවැරදිව භාවිතා කරන්නත් යොමුකරන්න ඕන. ඊට අමතරව තවත් කරුණු දහසයක් පමණ මේකෙ ඇතුලත් වෙනවා. එහිදී විශේෂයෙන්ම ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික ,පාරිසරික ආදී සෑම ක්ෂේත්‍රයකම මූලික ගැටළු ආමන්ත්‍රණය කරලා තියෙනවා. 

ඔබ හිතන විදියට ග්‍රන්ථයක් නිකුත් කරල රටක් හදන්න පුළුවන්ද ?

ග්‍රන්ථයක් නිකුත් කිරීමේන්ම පමණක් බැරිවෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ තුලින් හොඳ සංකල්පයක් සමාජගත කරන්න පුළුවන්. මේ පොත තුළ  තියෙන්නේ ඇත්තටම සංකල්පය සහ දැනුම වගේම වැඩ පිළිවෙළක්. සමාජයක් වෙනස් වෙන්නේ හොඳ සංකල්ප සමාජ ගත උනාම. සමාජයට හොඳ දැනුම ගියාට පස්සේ. ඒ තුළින් සමාජයේ ආකල්ප වෙනස් වෙනවා. සමාජ ආකල්පය වෙනස් වුණාට පස්සේ සමාජ භාවිතයන් වෙනස් වෙනව.  ඒ සියල්ල මනෝ විද්‍යාත්මකව අධ්‍යයනය කරලා තමයි මේ පොත සම්පාදනය කරල තිබෙන්නේ. එනිසා මේ කරුණු සමාජගත වුණාට පසුව තම තමන්ට කල හැකි දේවල් තමන්ගේ මට්ටමින් කරන්නත්, පාලකයන් විසින් කළ යුතු දේවල්, නිලධාරීන් විසින් කළ යුතු දේවල් තම තමන්ගේ වපසරියට අනුව කටයුතු කළොත් ඇත්තටම අපේ රට හදන්න පුළුවන්. ඒක ඉතාම පොඩි වැඩක්. මගේ අධ්‍යයන වලට අනුව නම්  වසර තුනක කාලයක් හොඳටම ප්‍රමාණවත්. අපේ රටට සිදු වෙලා තියෙන්නේ හරියට චෙස් බෝඩ් එකේ එත්තෝ විසිරිලා තියනවා වගේ. මේ ටික කෙලින් කරලා හරි පැත්ත හරවල තිබ්බනං ඉතාම නිවැරදිව සංවර්ධනය මාවතේ වේගයෙන් ගමන් කරනවා. ඒකට අවශ්‍ය සියලු කටයුතු මේ මහ පොළොව මත සංවිධානය වෙලයි තියෙන්නේ. ඒක නිවැරදිව තේරුම් අරන් කටයුතු කරන එක අපි හැමෝගෙම වැඩක්. 


ප්‍රායෝගිකව මොනවද වෙනස් විය යුත්තේ?

විසිවන සියවසට පෙර ලෝකය සහ විසි වන සියවසෙන් පසු උදාවූ ලෝකය බොහෝ වෙනස්කම් සහිත ලෝක දෙකක්. මගේ අධ්‍යනය  අනුව නම් එකිනෙකට හාත්පසින්ම වෙනස්. විසිවැනි සියවසට පෙර ඉතිහාසය පුරාම මානව සමාජයට තිබූ ප්‍රධාන අභියෝග තුන තමයි සාගත, වසංගත සහ යුද්ධ. නමුත් වසර දෙසීයක පමණ කාලයක් තිස්සේ ලබා ගත් කාර්මික සහ තාක්ෂණික දියුණුව නිසා විසිවන සියවසේ පස්සේ උදාවූ ලෝකයේ ප්‍රධාන අභියෝග බවට පත් වුණේ ඉහත අභියෝග වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන්.  සහගත වලින්ට වැඩිය අධිපෝෂණ නිසා මිනිස්සු මියයන්න පටන් ගත්තා. වසංගත වලින්ට වැඩිය බෝනොවන රෝග නිසා මිනිස්සු මියයන ගත්තා. යුද්ධ සහ ගැටුම් වලින්ට වැඩියෙන් සියදිවි නසාගැනීම නිසා මිනිස්සු මිය යන්න ගත්තා. ඒ නිසා වර්තමාන ලෝකය තේරුම් අරගෙන අනාගතයේ උදාවන ලෝකය වෙනුවෙන් අපි හැම දෙනාම කටයුතු කරන්න ඕනේ. මොකද අද අපි ජීවත් වෙන්නෙ හතරවෙනි කාර්මික විප්ලවීය යුගයේ. ලෝකය  වෙනස් වෙලා නිසා අපි හිතන විදිය වෙනස් කරන්න ඕන. ඒ කියන්න තර්කානුකූල සහ විද්‍යාත්මකව ජාතිකත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් පදනම් කරගෙන සත්‍ය සහ සාධාරණව කටයුතු කරන්න ඕන සමස්ත සමාජයේම යහපත වෙනුවෙන්. 

දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් මේ විදිහට කටයුතු කරද්දී රටක් හදන්න ඔබ යෝජනා කරන දේවල් වලින් පමණක් පුළුවන් වෙයිද?

ඔබට මතක ඇති අපේ  රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 2000 සිට 4000 දක්වා වැඩි වෙච්ච කෙටි කාලය. ඒ කෙටි කාලය තුළ සමාජයේ සුවිශාල පරිවර්තනයන් වුණා. ඒ නිසා මූලිකවම මා යෝජනා කරන්නේ පරිපූර්ණ ප්‍රවේශය(Holistic Approach) තුළින් අපේ ආර්ථික මට්ටම ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 සිට 10,000 දක්වා වැඩි කරගන්න. එවිට අපේ සමාජයේ සියළු දෙනාගේම වගේ මූලික අවශ්‍යතාවන් ඉටුකර ගන්න එක බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම කෙනාටම නිවාස, කෑම, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී මූලිකම  පහසුකම් ඉටු කරගන්න පුළුවන්. තමන්ගෙ දරුවා හොද පාසලකට ඇතුලත් කරගන්න, ඒත් එක්කම සෑම පුරවැසියෙකුටම අවශ්‍ය ගෞරව, රජයේ කාර්යාලට ගියාම වැඩක් කරගන්න පුලුවන් සමාජයක් නිර්මාණය වෙනව. ඒ වෙනකොට අපි සියලු දෙනාගේම දායකත්වයෙන් අපේ රට ඉතාම හොඳ රටක් බවට පරිවර්තනය වෙනවා. 

ඇත්තටම අපේ දේශපාලනඥයෝ සහ රාජ්‍ය නිලධාරීන් විසඳන්න සැබෑ ප්‍රශ්න නොවෙයි සැබෑ ප්‍රශ්න නිසා පැන නගින අතුරු ප්‍රශ්න. මම හඳුන්වන්නේ ” Fire Works Effect – ගිනි පුළිඟු ප්‍රතික්‍රියාව” විදියට. අපිට ඇත්තටම තියෙන ප්‍රශ්ණ දහයක් පහළොවක් පමණයි අප සමාජක් විදියට විසදගත යුතු.  නමුත් දිනපතා අප ප්‍රශ්න සිය දහස් ගණනක් විසදනව. නමුත් දිනපතාම සමාජයේ ප්‍රශ්න වැඩි වෙන්නේ අපි විසඳන්නේ සැබෑ ප්‍රශ්නය නෙවෙයි ප්‍රශ්න වල අතුරුඵලයන් නිසා. එක විසදුමකින් තවත් ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි ඇත්තම ප්‍රශ්න කිහිපය විසඳන්න ගත යුතු ප්‍රවේශය පිළිබඳව සමාජය තුළ  සබුද්ධික කතාබහක් තිබිය යුතුයි. ඒ සඳහා සියලු දෙනාම ඒකරාශී වියයුතුයි. ඒ සඳහා අවශ්‍ය නායකත්වය රටට ලැබිය යුතුයි.

අවසාන වශයෙන් මේහි දර්ශනය  තුළ තිබෙන්නේ ජාතිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි සහ කටයුතු කළ යුතු ක්‍රමවේදය. එතුළින් අපේ රටේ ජනතාවට වඩාත් හොඳ සමාජ සහ ආර්ථික ජීවිතයක් අපේකම රැකගෙන මේ මහ පොළොව මත උදා කරන්න තමයි මේ සාකච්ඡාව ආරම්භ කර තියෙන්නේ. 2020 න් එහා ශ්‍රී ලංකාව කෘතිය ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ අරගෙන  තියෙනවා කියලා විශ්වාස කරනවා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි