නවතම පුවත්

පොලීසියේ 5824කට උසස්වීම් ‌

අසංක

අසංක

පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීනව උසස්වීම් නොලද කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 5824 දෙනකුට උසස්වීම් ලබාදීමට අදාළ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ ‌කෙරේ.

2019 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පළමු ඛාණ්ඩය වෙත මෙලෙස උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇත.

දීර්ඝ කාලීනව උසස්වීම් නොලද 31500කට අධික පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබාදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර යටතේ මෙය ක්‍රියාත්මක ය.

ජ්‍යෙෂ්ඨත්වය සැළකිල්ලට ගෙන  ඛාණ්ඩ 3ක්යටතේ මෙම උසස්වීම් ලබාදීමට නියමිතයි.

ඒ අනුව 2019.01.01 සිට 2020.01.01 සිට හා 2021.01.01 සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදීමට සැලසුම් කර ඇත.

පළමු ඛාණ්ඩයේ උසස්වීම් ලබන නිලධාරීන් පහත පරිදි වේ.

පොලිස් කොස්තාපල්වරුන් 4544ක් පොලිස් සැරයන් දක්වා ද

කාන්තා පොලිස් කොස්තාපල්වරුන් 30ක් කාන්තා පොලිස් සැරයන් දක්වා ද

සැරයන්වරුන් 169ක් උප පොලිස් පරීක්ෂකවරුන් දක්වා ද

උප පොලිස් පරීක්ෂකවරුන් 878ක් පොලිස් පරීක්ෂකවරුන් දක්වා ද

කාන්තා උප පොලිස් පරීක්ෂකවරුන් 147ක් පොලිස් පරීක්ෂකවරුන් දක්වා ද

පොලිස් පරීක්ෂකවරුන් 41ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දක්වා ද පළමු ඛාණ්ඩය යටතේ උසස් කෙරෙන අතර උසස්වීම් ලබන නිලධාරීන් වෙත දැනුම් දීම හෙට සිට සිදුකෙරේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි