BREAKING NEWSදේශපාලන

Share now!

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ‌වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ‌‌ලෙස ආචාර්ය අජන්තා පෙරේරා අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය.

පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක ලෙස ද කටයුතු කර තිබේ.

ඇය, ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව මුලිකත්වය ගෙන කටයුතු කරන අතර සමාජ සේවිකාවක ලෙස ද ප්‍රකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment