නවතම පුවත්

දියවැඩියාවද? එන්නත් නැතිව කරලක් ගන්න

අසංක

අසංක

ලොව පුරා මිලියන ගණනක් දියවැඩියාවෙන් පෙළෙයි. මෙම රෝගීන්ට ඔවුන්ගේ සිරුර තුළ ඉන්සියුලින් නිපදවීමට හෝ කි‍්‍රයාවලියෙහි යෙදවීමට හැකියාවක් නොවේ. මේ නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ දෛනිකව ශීතකළ-වියළන ලද ඉන්සියුලින් එන්නත් මගින් සිරුරට ලබාදීමයි.

අමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් විසින් මේ සදහා අනාගතයට සරිලන, එන්නත් ඉවතලිය හැකි ආකාරයේ වෙනත් විකල්පයක් සොයාගෙන තිබේ. අධිතාක්ෂණික ඖෂධ කරලකි. එය නම් කර ඇත්තේ සෝමා (SOMA-self-orienting millimeter-scale applicator) නමිනි. එහි අර්ථය වන්නේ ස්වයං දිශානති මිලිමීටර් ප‍්‍රමාණයේ උපකරණයක් යන්නයි. එය අවස්ථානුකූලව රෝගියාගේ උදරයේ සිට සිරුරට අවශ්‍ය ඉන්සියුලින් ප‍්‍රමාණය මුදාහරිනු ලබයි. කරලක් ලෙසින් මෙය ලබාගත හැකි අතර ඒ තුළ ඇති කුඩා උපකරණය උදරයේ නියමිත පරිදි ස්ථානගතවී එහි සවි කර ඇති ඉතාම සියුම් එන්නත මගින් සිරුරේ නාළිකා වෙත ඉන්සියුලින් මුදාහරිනු ලබයි. කරල සිරුර තුළට ගැනීම සදහා තත්පර කිහිපයක් ගතවන අතර විනාඩියක පමණ කාලයක් තුළ එය ස්වයංක‍්‍රීයවම නිසි පරිදි ස්ථානගත වේ. පැයක් ඇතුළත එය ඉන්සියුලින් මුදාහැරීමේ කි‍්‍රයාවලිය අවසන් කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉන්පසුව මෙය ආරක්ෂිතව ආහර ජීර්ණ පද්ධතිය තුළට ඇතුළු වී සිරුරින් පිටව යයි.

දැනටමත් මෙම පර්යේෂණය ඌරන් යොදාගෙන කර ඇති අතර එය අතිසාර්ථක ප‍්‍රතිඵල පෙන්නුම් කර තිබේ. නුදුරේදීම මෙය භාවිතයට ගත හැකිවනු ඇති බව පර්යේෂකයෝ විශ්වාස කරති.

ලොව පුරා මිලියන 415ක් පමණ දියවැඩියාවෙන් පෙළෙති. ඉන් බහුතරය එන්නත් ක‍්‍රමයට ඇති බිය හේතුවෙන් ඉන්සියුලින් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරති. ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් දියවැඩියා රෝගීන්ගේ ප‍්‍රතිශතය 8.6%කි. 2017 වනවිට මෙරට තුළදී වාර්තා වූ දියවැඩියා රෝගීන්ගේ ගණන 1,198,100කි.

YouTube player

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?