නවතම පුවත්

සාමණේර දෙනමට පහර දීමේ සිද්ධියට යුනිසෙෆ් විරෝධය

අසංක

අසංක

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය හෙළාදකින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් සංවිධාන මේ බව කියාසිටියි.

හොරොව්පතාන ප්‍රදේශයේ සාමනේර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු, වැරැද්දක් කළ බව කියමින් පුද්ගලයකු කළ අමානුෂික පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම නිවේදනය කර ඇත.

එම සංවිධානය පවසන්නේ සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරෙන බව ය.

යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙල්ව්ස පවසා තිබේ

“කනගාටුවට කරුණ නම් මෙය හුදෙකලා සිදුවීමක් නොවීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන හො ආයතනික රැකවරණය යටතේ සිටින හො ආබාධිත දරුවන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් බොහො ප්‍රමණයක් දිනපතාම මෙවැනි තත්වයන්ට මුහුණ දෙති. 

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 දී ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ සිසුන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් පසුගිය මාසයේ අවම වශයෙන් එක් ආකාරයක හො ශාරීරික දඩුවමක් අත්විඳ ඇති බවයි. මෙය දරුවන්ට අතිශයින්ම හානිකරවනවා පමණක් නොව, ඔවුන්ගේ වර්ධනය වන මොළයට ස්ථීර ලෙස බලපාන බවත්, ඔවුන්ගේ ආත්ම අභිමානය අඩු කරන බවත්, සෞඛ්‍ය සම්පන්නව ඉගෙනීමට හා වර්ධනය වීමට ඇති හැකියාවට බාධා කරන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්