නවතම පුවත්

ඥානසාර හිමිගේ මාස 6ක සිර දඩුවම වසර 5කට අත්හිටුවයි

අසංක

අසංක

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කරන ලදැයි කියන චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ මාස 6ක සිර දඩුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද තීන්දු කළේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 2018 ජුනි 14 වැනිදා ලබාදුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා එලෙස තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් මීට ඉහතදී ලබාදුන් වසර 6ක සිර දඩුවම තවදුරටත් කි‍්‍රයාත්මක වේ.

අදාළ නඩුවේ තීන්දුව ලබාදෙන අවස්ථාවේදී දැනට බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ හෝමාගම මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉෂාර රත්නකාර

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?