නවතම පුවත්

හදිසියේම සුළග සැර වී රටට අහිමිවුනු කමාන්ඩා් විරුවා – දියණියන් දෙදෙනෙකුගේ පියෙක් – PHOTOS

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

දසවන දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ කුච්චවේලි පොලිස් වසමට අයත් කුඹුරු පිටිය ප්‍රදේශයේ පැවැති එක් අභ්‍යාසයක නිරත වෙමින් සිටියදි පැරෂුටය සමග සුළගට ගසාගෙන ගොස් මුහුදට වැටිමෙන් දියේ ගිලි මියගිය කමාන්ඩෝ භටයාගේ මහේස්‍ත්‍රාත් පරික්ෂණය පසුගිය (21) ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරිරාගාරයේදි අතිරේක මහේස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය විසින් පවත්වනු ලැබිය.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය සදහා ත්‍රිකුණාමලයට පැමිණි ගනේමුල්ල  හතරවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ. එච්. සාලිය ප්‍රියන්ත (35) නැමැති සෙබලා මෙසේ ජිවිතක්ෂයට පත්විය.

තවත් කොමාන්ඩෝ භට පිරිසක් සමග හෙලිකොප්ටර් යානයේ සිට පැරෂුට් ආධාරයෙන් බිමට පනිමින් සිටියදි ඉන් කිහිප දෙනෙකු සුලගට ගසාගෙන ගොස් මුහුදට වැටි ඇති අතර එක් අයෙකු මෙසේ දියේ ගිලි මියගිය බවත් සෙසු අය පිහිනා ගොඩට පැමිණි බවත් පොලිසිය කියයි.

රත්නපුර,මාරප්පන ,කිරිල්ල ගහදෙණිය පදිංචි ජිවිතක්ෂයට පත්වු කෝප්‍රල් කේ. එච් සාලිය ප්‍රියන්ත මහතා දෙදරු පියෙකි. ආර්. ජී. චතුරිකා ලක්මාලි (33) යන අය සමග විවාහ සිටි මියගිය ප්‍රියන්ත මහතාට  සිව් හැවිරිදි කේ. එච්. සෙනුලි ලිහාරා සහ තුන් හැවිරිදි කේ. එච්. සිතුලි බිහංසා යන දියණියන් දෙදෙනෙකුද සිටිති.    

ත්‍රිකුණාමලය මහ රෝහලේදී මහේස්ත්‍රාත් පරික්ෂණ සිදුකල අතිරේක මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය සාක්ෂි සටහන් කර ගැනිම හා වැඩිදුර විභාගය ලබන  ඔක්තෝම්බර් නම වැනිදාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මළ සිරුර ඥාතීන්ට භාර දෙන ලෙස ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කලේය. 

කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ඩබ්. එම්. ජානක ප්‍රියන්ත  මහතාගේ  මෙහෙයවිම යටතේ ප්‍රකාශ සටහන් කරගැනිම  සිදුවිය .පලමු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සම්පත් වික්‍රමසිංහ මහතා අතිරේක  මහේස්ත්‍රාත්වරිය හමුවේ පෙනි සිටිමින් කරුණු දැක්විය.

පොලිසියට ප්‍රකාශක් ලබාදුන්  මියගිය කොමාන්ඩෝ භටයාගේ බිරිද වන  ආර්.ජි. චතුරිකා ලක්මාලි මහත්මිය පැවසුවේ මියගොස් ඇත්තේ තම ස්වාමි පුරුෂයා බවත් ඔහුට දාව  දියණියන්  දෙදෙනෙකු සිටින බවත් ඉකුත් බ්‍රහස්පතින්දා යුධ අභ්‍යාසයකට  ගනේමුල්ල කදවුරේ සිට ත්‍රිකුණාමලයට යන බව තමාට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

අපි විවහා වෙලා අවුරුදු පහක් වෙනවා. පුරුෂයාගේ සේවා කාලය අවුරුදුඅ 12 ක් යුධ හමුදාවෙන් අපේ ගෙදරට ඉකුත් 20 දා සවස හයයි හතලිස් පහට ආවා. හිටියේ තාත්තා. මම ගෙදර ආවාම තාත්තා කිව්වා මහත්තයා වැටිලා තුවාල වෙලා කියලා. පසුව මට කිව්වා එයා මිය ගිහිල්ලා කියලා යැයි පැවසිය. 


කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්. එච්. ජානක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙන අතර වැඩිදුර විභාගය හා සාක්ෂි සටහන් කර ගැනිම ලබන නම වැනිදා කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදි සිදුකිරිමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි