නවතම පුවත්

ජනපති අපේක්ෂකයකු ගැන රහස් බුද්ධි වාර්තාවක් ආරක්ෂක ‌ලේකම්ට

අසංක

අසංක

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු වන මිනිස් ඝාතන හා තැත්කිරීම් ආදී අපරාධ සමග නම කියවෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයාට මැතිවරණ වේදිකාව මතදීම පාතාල විරුද්ධවාදීන්ගේ ජීවිත තර්ජනයකට මුහුණදීමට සිදුවීමේ ඉඩකඩක් පවතින බවට වන ‌තොරතුරු සහිත රහස් වාර්තාවක් අද ආරක්ෂක ‌‌ලේකම්වරයාට භාරදී තිබේ.

රාජ්‍ය බුද්ධි ‌සේවාව විසින් ‌මෙම වාර්තාව සකස් කර භාරදී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුට පාතාලයේ විරුද්ධවාදීන්ගේ වෙඩි උණ්ඩවලට මුහුණදීමට සිදුවූ නමුත් ඒවැනි අවස්ථාවලදී තුවාල ලබා ඇත්තේ ඔහු අසල සිටි පුද්ගලයන් වීම නිසා මොහු දිවිගලවාගෙන ඇත.

මෙම ජනාධිපතිවරණ අපේක්ෂකයා ඝාතන හාඝාතන තැත්කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කිහිපයක් පවතින පුද්ගලයකු බව ද අනාවරණය වී ඇත.

පාතාලයට සම්බන්ධ මොහු විසින් පසුගිය දා දේශපාලන පක්ෂයක් මිලදී ගත් පුවත ද මුලින්ම අනාවරණය කරන ලද්දේ ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ අප විසිනි.

 මේ අතර ළමා අපචාර චෝදනා එල්ල වූ අයෙක් ද ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි.

ඔවුන් දෙදෙනාම මේ වනවිටත් ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ බලධාරීන් ඇස ගසාගෙන සිටින අතර මොවුන් දෙදෙනාම සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා බලධාරීන්ට බාරදීමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්