නවතම පුවත්

ප්ලාස්ටික් කරදරයෙන් මුදවන මැෂිමක් හැදූ තරුණයා සමාජ ජාලයේ පිහිටෙන් ඇමති සොයාගනී

අසංක

අසංක

කළපු සහ ධීවර වරායන් ආශ්‍රිතව ඇති ප්ලාස්ටික් , පොලිතින් ඉවත් කිරීම සදහා පරිසර හිතකාමී නව යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික තරුණයකු සමත් වී තිබේ.

එම තරුණයා කැදවා ඔහුගේ නිර්මාණය පිලිබදව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඇගයීමට ලක් කර තිබේ.

මෙවන් දේශීය නිෂ්පාදන මගින් ලාංකීය පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම පිළිබද තරුණ පරපුරේ උනන්දුව සහ කැපවීම මනාව පෙන්නුම් කරන බව එම පරිසර හිතකාමී නිෂ්පාදනය අගය කරමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.

  මෙම යන්ත්‍රය පිළිබඳ සමාජ ජාල මගින් දැනගත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එම තරුණයාව අමාත්‍යංශයට මෙලෙස ඊයේ [ 24 ] කැදවා ඔහුගේ උත්සාහය මහත් සේ අගය කළේය .

 කිලිනොච්චිය , මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි බාලසුබ්‍රමනියම් ජනකන් නමැති තරුණයා මෙලෙස රාජ්‍ය අමාත්‍යතුමා හමු වී සිය උත්සාහය පිලිබදව පැහැදිලි කළේ සිය නිෂ්පාදනය දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ආශ්‍රිත ඇලවල්වල ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු අපද්‍රව ඉවත් කිරීමේ අත්හදා බැලීමේ කටයුතු සිදු කරන බවයි.

ඒ අත්හදා බැලීම් ඉතා සාර්ථක බව සදහන් කල ජනකන් එක් වරකදී කිලෝ 250 ක් පමණ බර ප්ලාස්ටික් හෝ පොලිතින් ඉවත් කිරීමේ හැකියාව මෙය සතු බවත් පැය 8 ක් වැනි කාලයක් තුල වර්ග කිලෝමීටර් 3 පමණ වපසරික ඉහත අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව ඇති බවත් සදහන් කළේය .

 මෙය නිෂ්පාදනය සදහා වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 18 ක් වැනි මුදලකි . නව නිපැයුම් පිළිබද දේශීය සම්මාන රැසකට හිමිකම් කියන මෙම නිෂ්පාදනය ජාත්‍යන්තර නව නිපැයුම් සදහා වන සම්මාන ප්‍රදානෝත්සව සදහා නිදේශ ලැබී ඇත .

 ලංකාවේ බොහෝ ධීවර වරායන් ආශ්‍රිතව මෙන්ම කලපු සහ ඇල වේලි ආශ්‍රිතව විශාල වශයෙන් ප්ලාස්ටික් බෝතල් , පොලිතින් බෑග් ඇතුළු නොදිරණ අපද්‍රව්‍ය වලින් පිරි පැවතීම සුලභ දසුනක් වී ඇති බවත් එය පරිසර පද්ධතියට විශාල තර්ජනයක් බැවින් හරිත වෙරළක් සදහා සියළු ධීවර වරායන් ප්ලාස්ටික් වලින් තොර කලාප ලෙස පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙලක් තම උපදෙසින් ආරම්භ කල බවත් එම වැඩපිළිවෙලට මෙම නිෂ්පාදනය මහත් පිටිවහලක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය .

 ඒ අනුව සියළු කලපු සහ ධීවර වරායන් ආශ්‍රිත ප්ලාස්ටික් බෝතල් , පොලිතින් ඉවත් කරලීම සදහා සීමාසහිත සිනොර් පදනම සම්බන්ධ කර ගනිමින් මෙම නව නිෂ්පාදනය හදුන්වා දෙමින් නිල් ආර්ථික වැඩපිළිවෙල හා ඒකාබද්ධව කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

මෙම නිෂ්පාදනය සදහා කැපවූ ජනකන් තරුණයා අගයමින් මෙවැනි නිෂ්පාදන සදහා ඉදිරියේදී අවශ්‍ය සියළු සහය ලබාදීමට කටයුතු කරන බව සදහන් කළේය .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි