නවතම පුවත්

ණය අනුපාත පහත හෙලීමට මහා බැංකුවෙන් නියෝග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ණය පොලී අනුපාතයන් , එළඹෙන ඔක්තෝබර් මස 15 ට පෙර අවම වශයෙන් සියයට දෙකක අගයකින් හෝ අඩු කරන ලෙස මහා බැංකුව මෙරට සෙසු වානිජ්‍ය බැංකු වෙත දැනුම් දී ඇත,

වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා මෙම වසර තුල ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තවත් පියවරක් ලෙස මෙම නියෝගයන් නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට ඇති වූ පසුබෑමත් සමඟ මෙසේ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීමේ අවශ්‍යතාව තවදුරටත් වර්ධනය වී ඇති බවද මහ බැංකුව සඳහන් කර සිටී .

එ මෙන් ම, මෙම වසර ආරම්භයේ සිට පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය තියුණු ලෙස පහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේද නාමික සහ මූර්ත ණය‍ පොලී අනුපාතික ඉහල මට්ටමක පැවතීම බව මහා බැංකුව සඳහන් කර සිටී .අක්‍රීය ණය වැඩි වීම සඳහාද මෙම තත්වය හේතුවක්ව පවතී බවද මහා බැංකුව නිකුත් කල නිවේදනයක දැක්වේ..

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින් අඩු කිරීමටත් , බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් පහත දැමීමටත් මහා බැංකුව මේ කටයුතු යොදා ඇත.

එසේම බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීමටද මහබැංකුව කටයුතු යොදා ඇත.

, 2019 අප්‍රේල් 30 වන දින පැවති පොලී අනුපාතිකවලට සාපේක්ෂ ව 2019 ඔක්තෝබර් 15 දින වන විට අවම වශයෙන් පදනම් අංක 200කින් අඩු කරන ලෙස නියම කර ඇත්තේද ඒ අනුවය .

එ මෙන් ම , 2019 නොවැම්බර් 01 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි, ණයපත් (Credit Cards) සඳහා අදාළ උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28ක් වන අතර, පූර්ව අනුමත කරන ලද තාවකාලික අයිරා (Temporary Overdrafts) සඳහා අදාළ වන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 24ක් වනු ඇත. 2019 ඔක්තෝබර් 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, අනුමත ප්‍රමාණයන් ඉක්මවා යන හෝ හිඟ කාල සීමාවන්ට අදාළ හිඟ ගෙවීම් මත දණ්ඩන පොලී අනුපාතික වසරකට පදනම් අංක 400ක උපරිම සීමාවකට යටත් වනු ඇත.

සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ම එහි බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR), 2019 අප්‍රේල් මස 26 වැනි දා වාර්තා කරන ලද මට්ටමේ සිට 2019 දෙසැම්බර් මස 27 වැනි දින වන විට පදනම් අංක 250කින් අඩු කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2019 නොවැම්බර් මස 01 වැනි දින වන විට බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය, 2019 අප්‍රේල් මස 26 වැනි දින වාර්තා වූ අගයෙහි සිට අවම වශයෙන් පදනම් අංක 150කින් අඩු විය යුතු ය.

.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි