නවතම පුවත්

ත්‍රිපිටකය ජාතික උරුමයක් වුණාය කියන්නෙ මොකක්ද?

අසංක

අසංක

ත්‍රිපිටක දහම කිසිවෙකුට හෝ අවශ්‍ය අයුරින් විකෘති කිරීම හෝ අර්ථ ගැන්වීම නැවැත්වීම ත්‍රිපිටකය ජාතික උරුමයක් නැතිනම් ජාතික වස්තුවක් බවට පත්කිරීමෙන් තහවුරු වූ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති.

ජාතික උරුමයක් බවට ත්‍රිපිටකය පත්කිරීමෙන් තවදුරටත් උතුම් බුදු දහම අනාගත පරපුරට ආරක්ෂා කර දීම සිදුවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ලංකාව කියන්නෙ ශ්‍රේෂ්ඨ යථිවරු විසු රටක්. කවදාවත් ධර්මය විකෘති කිරීමට උන්වහන්සේලා උත්සාහ ගත්තෙ නැහැ. වැලිවිට සරණංකර හිමි බිහිවනතුරුම පැවැති අදුරු යුගයේත් ගණින්නාන්සේලා ත්‍රිපිටක ධර්මය පොත්ගුල්වල තබා ආරක්ෂා කළා යැයි මහාචාර්ය අගලකට සිරිසුමන හිමියෝ සදහන් කරති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිපිටක ධර්මය නුපන් පරපුරටක් ආරක්ෂා කර දීම උදෙසා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ සද්ක්‍රියාව සිදු කළ බව උන්වහන්සේ පවසති.

ත්‍රිපිටක ධර්මය පිළිබදව මෙසේ සැකවින් සදහන් කළ හැකිය. ත්‍රිපිටකය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ලෙස ප්‍රධාන කොටස් තුනකි. සුත්‍ර පිටකය කොටස් පහකින් සමන්විතය. මඡ්ජිම නිකාය, සුංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, බුද්ධක නිකාය, සහ දීඝ නිකාය ඊට අයත්වේ.

මඡ්ජිම නිකායට අයත්වන්නේ බුදුන් වහන්සේ දේශනාකළ දිගම නොවු කෙටිම නොවු සුත්‍රයන්ය. සංයුක්ත නිකායේ කෙටි ස්‍රත්‍රයන්ය. අංගුත්තර නිකායේ කරුණු ලෙස ඇතුළත් සුත්‍ර තිබේ. බුද්ධක නිකායට ගොනුකරගත් ග්‍රන්ථ පහළොවක් සහ දීඝ නිකායට බුදුරාජාණන්වහන්සේගේ දීර්ඝ දේශනා තිස් හතරක් අයත්වේ.

විනය පිටකයද කොටස් පහකින් යුක්තය. පරාජික පාලි,පචිත්තිය පාලි,මහාවග්ග පාලි, චූලවග්ග පාලි, පරිවාර පාලි, ඒ අතර වේ.

භික්ෂු විනය, භික්ෂූණී විනය, ගිහි විනය ඊට අන්තර්ගතය. අභිධර්මය පිටකයේ මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය තීන්දු කරන සුත්‍රවල ගැඹුරු දේශනා ඇත්ළත් බව මහාචාර්ය අගලකට සිරිසුමන හිමියෝ කීහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්