නවතම පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයට රන් සම්මානයක් ලැබෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගියදා කසකස්තානයේ ඇස්ටානා හි දී  පැවති PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය දිනා ගත්තේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන්  ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් සහ දෙරට අතර ආවේනික සමානකම් අත්විඳීමට සංචාරකයින් පොළඹවා ගැනීම අරමුණු කරගත් එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න (“Two Cities, One Spirit“) යන නමින් දියත්  කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මෙම රන් සම්මානය හිමි විය. 

PATA සම්මාන ප්‍රදානෝත්සවයේ දී කලාපයේ චාරිකා හා සංචාරක ව්‍යාපාරයට අනුබල දෙන ව්‍යාපාර, ආයතන සහ නව මුලපිරීම් ඇගයීමට ලක් කරයි. මෙම වසරේ සම්මාන උළෙල සඳහා ලොව පුරා ආකර්ෂණීය ප්‍රවේශයන් 197 ක් සහ සංවිධාන 78 ක් දෙනෙකු ඇතුළත් විය. මෙහි දී ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ මෙල්බර්න් සේවා දියත් කිරීම වෙනුවෙන් සිදුකළ මෙම අලෙවිකරණ ව්‍යාපාරය සඳහා තවත් ගෝලීය සම්මානයක් ලැබීම පිළිබඳව සතුටට පත්වෙන බවයි. එසේම මෙය ශ්‍රීලංකන් සන්නිවේදන ප්‍රයත්නයන්හි විශ්වීය  ආකර්ශනීය බව නැවත තහවුරු කිරීමක් බව ද හෙතෙම පැවසීය. මෙමගින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකාව සිතියමෙහි ඉහළට ඔසවා තැබීමට ලැබීම විශාල ගෞරවයක් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සමීප සම්බන්ධතාවය  සැමරීමට සහ ගෞරව කිරීම වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න”  යන සංකල්පය නිර්මාණය කරන ලදී.  මෙම සමස්ත ප්‍රචාරණ ව්‍යාපාර හරහා ගුවන් සමාගම   ඕස්ට්‍රේලියාවේ වෙසෙන අති බහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන්  සහ ශ්‍රී ලංකා දිවයිනේ සුන්දරත්වයට ආකර්ෂණය වූ ඕස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත දිනාගැනීම අරමුණු විය. මෙම නිර්මාණශීලී වැඩසටහන්  තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතීන් තුළ පවතින එක හා සමාන ප්‍රසන්නතාවයන් මෙන්ම උද්යෝගයන් වන ක්‍රිකට්, ආහාර පාන,කලාව,ක්‍රිකට්, රළ මත ලිස්සා යෑම මෙන්ම වනජීවි සුන්දරත්වය   යනාදි ලක්ෂණ දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ලදී. 

මෙම දර්ශන තුළින් පෙන්නුම් කරනු  ලබන ස්ථාන හඳුනා ගැනීමේ සම්බන්ධකය  (location pin ) සංචාරකයන්ට සෘජු ගුවන් ගමන් පිළිබඳ අදහසක් ලබාදෙන අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය හරහා  ගුවන් සම්බන්ධතා තුළින් ගමනාන්තය හා ළඟා විය හැකි බවද විදහා දක්වයි. මැද පෙරදිග හා ඉන්දියාව  සිට කොළඹ හරහා මෙල්බර්න් වෙත වෙළඳපොල ප්‍රවර්ධනය කිරීමේදී මෙය භාවිතා කරන ලදී.

ගුවන් සේවය වෙනුවෙන් මෙම සම්මානය ලබාගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා මහතා සඳහන් කළේ වසර 12 ක විවේකයකින් පසු මෙම ගෞරවනීය සංසදයට නැවත පැමිණීම පිළිබඳ අතිශයින් සතුටු වන බවයි.  එසේම අලෙවිකරණ දී , ගෝලීය සම්මානයක් දිනා ගැනීම සැමරීමට හේතුවක් පමණක්ම නොව, මෙවැනි සම්මානලාභී නිෂ්පාදනයන් ඉදිරියටත් කරගෙන යාමට දිරිගැන්වීමක් ද වන බව ඒ මහතා සඳහන් කළේය. 

2017 වර්ෂයේ දී කොළඹ සහ  මෙල්බර්න් අතර දෛනික ගුවන්  ගමන් ආරම්භ කළ අතර, අද වන විට දෙරට අතර ගුවන් මෙහෙයුම් වාණිජ වශයෙන්  සාර්ථක වී ඇත. ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මෙල්බර්න් සහ කොළඹ වෙත  සිදුකරනු ලබන ගුවන් ගමන් සඳහා යොදවා ඇති අති නවීන A330  ගුවන් යානාවන් හි සුවපහසුව  සමගින් ගුවන් මගීන්ට ව්‍යාපාර පංතියේ නිදන ආසන ,අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය, ශ්‍රීලංකන් සම්මානලාභි ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය විසින්  ලබාදෙන අති විශිෂ්ට සේවා අත්විඳීමට හැකියාව ලැබේ. දෙරට අතර ගුවන් ගමන්  ආරම්භ කිරීමට හැකිවීම ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරීමට මාර්ගය සකසා දීමක් ද විය.

මෙම  නිර්මාණශීලී කාර්යයන්  වෙනුවෙන් ගුවන් සමාගමට Wunderman Thompson ශ්‍රී  ලංකා  ආයතනය  සිය නිර්මාණශීලී  දායකත්වය ලබාදී ඇත. ශ්‍රීලංකන්  ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වනු ලැබූ  2018  ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී මෙම ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ‘first star’ සම්මානයකින් පිදුම්  ලැබීය.

මෙම සම්මාන උළෙලේ දී හොංකොං සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යාංශය, ඉන්දියානු රජය; ;Sarawak Tourism, මැලේසියාව; තායිවාන් සංචාරක කාර්යාංශය, චීන තායිපේ; තායිලන්තයේ සංචාරක අධිකාරිය සහ තායිලන්තයේ YANNA Ventures යන ආයතන සම්මානයෙන් පිදුම් ලැබීය. 

ඡායාරූපය –  

(වමේ සිට) මැකාවෝ රජයේ සංචාරක කාර්යාලයේ, අධ්‍යක්ෂිකා, මාරියා හෙලේනා ද සේනා ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිර්මාණාත්මක කළමනාකරු, දිමුතු රණසිංහ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රීලංකන් ප්‍රවර්ධන කළමනාකරු ගයාන් පීරිස් සහ PATA ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මාරියෝ හාඩි යන මහත්ම මහත්මීන් සම්මානය ලබාගැනීමෙන් පසු. 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී