නවතම පුවත්

හම්බන්තොට වරාය තවදුරටත් සුදු අලියෙක් නොවේ

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (එච්අයිපී) කළමනාකරණය කිරීම සඳහා සීඑම්පෝර්ට් ආයතනය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව ගොඩනගන ලද රාජ්‍ය , පෞද්ගලික හවුල්කාරීත්වය හෙවත් ( එච් .අයි . පී .ජී ) සඳහා මේ වනවිට මාස 18ක කාලයක් සපිරි ඇත .

ගතවූ ඒ කෙටි කාලසීමාව ඇතුලත එම හවුල්කරීත්වය ලබාගෙන ඇති ප්‍රගතිය නම් සුවිශේෂී ය .ඔවුන් මෙම වරාය , ජාත්‍යන්තර වරාය හා නෞකා කර්මාන්ත ක්ෂේත්‍රය තුල නිවැරදිව හා උපායමාර්ගිකව ස්ථාන ගත කිරීමට මේ වනවිටත් සමත්ව ඇත.

අනාගතයේ මෙම වරාය ආශ්‍රිතව ආයෝජනයන් දියත්කිරීමට අපේක්ෂා කරන සමාගම් ,හා ආයතන රැසක් මේ වනවිටත් මෙම වරායට පැමිණෙමින් සිටි.

ඔවුන් දැනටමත් මෙම වරායට අදාලව තම ඉදිරි සංවර්ධන සැලසුම් තීරණය කරමින් සිටින අතර සමස්ත නාවික සිතියමට මෙම වරාය ගෙන එනු ලබන දායකත්වය පිළිබඳවද විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවේ.

වරාය පරිශ්‍රයේ ඉදිකර ඇති “හම්බන්තොට නාවික හා සමුද්‍රීය කටයුතු මධ්‍යස්ථානය” නම් , නව මහල් පරිපාලන ගොඩනැගිල්ලේ , කාර්යාල කාමර සියල්ලම පාහේ මේ වනවිට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන හා සමාගම් විසින් වෙන්කරවාගෙන ගෙන තිබීමද , මෙම වරායේ ප්‍රගතිය කියාපාන කදිම උදාහරණයකි. පෙර මග සලකුණකි.

” කලකට පෙර , බොහෝ දෙනෙකු සුදු අලියෙකු ලෙසින් හැඳින්වූ මෙම හම්බන්තොට වරාය , ඉතා කෙටි කලක් ඇතුලත , රටේ දල දේශීය නිෂ්පාදනයට සුවිශාල දායකත්වයක් ලබාදෙන්නක් බවට පත්වන බවට කිසිදු සැකයක් නැතැයි , එම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය හෙවත් “එච් අයි පී ජී” හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

” එසේම හම්බන්තොට වරාය , නෞකා ක්ෂේත්‍රයේ ගැනුම් කරුවන්ට භාවිත කිරීම සඳහා විවිධ විකල්ප හා අවස්ථා සලසා දීමක්ද ප්‍රධාන ලෙසම සිදුකරනවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ ධජය යටතේම සිටිමින් කොළඹ වරායේ කාර්යභාරයට සමගාමී කාර්යභාරයක් ඉටු කරීමට හම්බන්තොට වරාය කටයුතු කරනවා යයිද වික්‍රමසිංහ මහතා පවසයි.

වරායේ ඉදිරි සංවර්ධන සැලසුම් පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කර සිටී .

” ජාත්‍යන්තර සමුළු රැසකදීම අප , අපගේ සංවර්ධන සැලසුම් එලි දක්වා තිබෙනවා . ඒ හරහා අපගේ වෙළඳ නාමය තවදුරටත් ශක්තිමත් කරගැනීමටද අප සමත්වී තිබෙනවා . ලන්ඩනයේ ලොයිඩ්ස් සමුළුව , ජර්මනියේ මියුනිච් නුවර පවතී භාණ්ඩ ප්‍රවාහන සමුළුව ,හා තායිලන්තයේ මෑතකදී පැවති සමුළුව ,ආදීයේදී අප විශේෂයෙන් කැපී පෙනුනා .

මේ නිසාම මෙම වනවිට ප්‍රංශය , ඇමෙරිකාව බ්‍රිතාන්‍යය , ජපානය , වැනි රටවලින් ජාත්‍යන්තර නියෝජිත පිරිස් මේ වනවිට විශාල වශයෙන් අපගේ වරාය නැරඹීමට පැමිණෙනවා . ඔවුන් එසේ පැමිණෙන්නේ අපගේ වාරයේ ඇති ශක්‍යතාවයන්, හැකියාවන් අවබෝධ කරගැනීමටයි. එම නිසා නව ආයෝජන රැසක් පිළිබඳව අපට ඉදිරියේදී බලාපොරොත්තු තබා ගත හැකියි. අපගේ පාරිභෝගිකයින් වෙත වඩාත් පුළුල් සේවාවක් සැපයීම සඳහා උපායමාර්ගික සබඳතාවන් රැසකට අප යොමුවී තිබෙනවා , ඒ හරහාද ඉදිරියේදී දැනට වඩා වැඩි , සුවිශේෂී ජාත්‍යන්තර අවධානයක් අපගේ වරාය වෙත යොමුවන බව ඉතා පැහැදිලියි. එමනිසා අපගේ මෙම නාවික හා සමුද්රීය කටයුතු මධ්‍යස්ථානය වෙතද විශාල ආකර්ෂණයක් ජාත්‍යන්තර ආයතන වෙතින් ලැබී ඇත්තේ “

මේ පිළිබඳව අදහස් දක්වන “එච් අයි පී ජී” හි සාමාන්‍යාධිකාරී ටීම් සියාඕ මහතා පවසන්නේ මෙවැන්නකි .

” අපේ නාවික හා සමුද්‍රීය කටයුතු මධ්‍යස්ථානයේ නවීන පහසුකම් හා අංගෝපාංග රැසක් පවතිනවා . එමනිසාම අපගේ කාර්යාල කාමරයන් සියල්ල ජාත්‍යන්තර ආයතන හා සමාගම් විසින් ලබාගෙන තිබෙනවා . . ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර ජාත්‍යන්තර තලය තුල ස්ථාන ගතකරමින් සිටිනවා.එය අප‍ට ශක්තිය හා ධෛර්යය ලබාදෙන්නක්.

හේලීස් , එයිට්කන් ඇන්ඩ් ස්පෙන්ස් ,හම්කා හා සී ලයින් වැනි නාවුක කටයුතු නියෝජිතායතන මෙන්ම ජාතික සංවර්ධන බැංකුව , මහජන බැංකුව වැනි මූල්‍ය ආයතනද අප හා එක්වී සිටිනවා . එසේම ඩයලොග් වැනි තාක්ෂණික සේවා ආයතනද මේ වනවිට අපට එක්වී සිටිනවා. මෙවැනි ජාත්‍යන්තර තලයේ ආයතන හා සමාගම් හම්බන්තොට ප්‍රදේශයට එක්රොක් වීම හේතුවෙන් ව්‍යවසායකයින්ට මෙන්ම ප්‍රදේශයේ තරුණ පිරිසටද වාසි හා ප්‍රතිලාභ රැසක් අත්වනවා. විශේෂයෙන්ම රැකියා අවස්ථා හා ව්‍යාපාර අවස්ථා රැසක් මේ හරහා උදාවනවා “

හම්බන්තොට වරායේ මෙම නාවුක හා සමුද්‍රීය කටයුතු මධ්‍යස්ථානය හරහා ආයෝජකයින්ට , ව්‍යාපාරික ප්‍රජාවට ලබාදී ඇති පහසුකම් ගැන පැහැදිලි කරමින් සාමාන්‍යාධිකාරී වරයා වැඩිදුරටත් මෙසේද පවසයි .

“‘ආයෝජන මණ්ඩලය මගින් පිහිටුවා ඇති වන් ස්ටොප් ෂොප් නම් ව්‍යාපාරික කවුළුව පිළිබඳව මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුයි . මෙය අපගේ මධ්‍යස්ථානයේ ඇති විශේෂතම පහසුකමක් . මේ හරහා වරාය සේවා ලබාගනීමට මෙන්ම යාබද කාර්මික උද්‍යානයේ සේවා අවශ්‍යතා ඇති අයටද , ව්‍යාපාර කටයුතු ඉතා පහසුවෙන් සපුරාගැනීමට අවස්ථා සැලසෙනවා . මූලිකවම මේ හරහා රාජ්‍ය ආයතන රැසක කටයුතු එක් වහලක් යටතේ , එක කවුළුවකින් ඉටුකරගැනීමට අවස්තාව සැලසෙනවා .

දැනට මෙම සමුද්‍රීය මධ්‍යස්ථානයට එක්ව සිටින සියලුම ආයතන හා සමාගම් තම ව්‍යාපාරික අවස්ථා තවදුරටත් පුළුල් කරගැනීමේ උවමනාව හා අභිලාශය ඇතුවයි සිටින්නේ , එසේම මෙම වරාය , මගින් හම්බන්තොට ප්‍රදේශයට ගෙනදෙන ආර්ථික වර්ධනය සමගද එම ආයතන නිතැතින්ම සම්භන්ධ වනවා , මෙම සුවිශේෂී ස්ථානය සතුව ඇති ශක්‍යතාවයන් , විභාවතාවයන් , හැකියාවන් පිළිබඳව එම ආයතන හා සමාගම් නිවැරදිව අවබෝධ කරගෙන සිටිනවා.”

මෙහිදී සාමාන්‍යාධිකාරීවරයා , ව්‍යාපාරික ආයතන වලට හා ආයෝජකයින්ට සුභදායී අලුත් ආරංචියක් ගැනද හෙළිදරව් කර සිටි.

” මෙම සුවිශේෂී සමුද්‍රීය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ තවත් එක කාර්යාල පරිශ්‍රයක් ඉතිරිවී තිබෙනවා . අපගේ මධ්‍යස්ථානය සමග දැනට එක්වී සිටින සුවිශේෂී ආයතන හා සමාගම් ගොන්නට එක්වීමට සුදුසුකම් ඇති වඩාත් ගැලපෙන , නිවැරදි ව්‍යාපාර හවුල්කරුවකු විසින් එම කාර්යාල පරිශ්‍රයද ලබාගන්න තුරු අප පෙරමග බලා සිටිනවා .” යයිද සාමාන්‍යාධිකාරී ටීම් සියාඕ මහතා සඳහන් කරයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී