නවතම පුවත්

ඉන්දීය රජය ලොවට වසන් කළ ටජ්මහලේ අඳුරු පැතිකඩ

අසංක

අසංක

බිම් මහලින් මතු වුන හින්දු චිත‍්‍ර වසන් කළේ ඇයි?

වසා දැමූ රහස් උමං මාර්ග

හින්දු ජාතිකයින් එරෙහිව කළ ද්‍රේහී කමක් ද?

ටජ් මහල කියූ සැනින් නොදන්න කෙනෙක් නැති තරම්ය. ආදරයේ සංඛේතය ලෙස සැලකෙන මේ මහා නිර්මාණයේ පවතින කලාත්ම භව සහ එයට පසුබිම්ව ඇති කතාන්දර එයට එක්කරන්නේ මිල කළ නොහැකි වටිනාකමක් .ඓතිහාසික සටහන් වලට අනුව 1631 වර්ෂයේ දී සාජහන් අධිරාජ්‍ය විසින් ආරම්භ කළ ටජ් මහල නිම කිරීමට ආසන්න වශයෙන් වසර 22 ක් කාලයක් ගත වි ඇතැයි ද ඊට කම්කරුවන් විසි දෙදහසක් සහ අලි ඇතුන් දහසක් පමණ  යෙදා ගෙන ඇතැයිද සදහන් වෙනවා. එහෙත් ටජ් මහල සම`ග බැදී පවතින ආදරයේ හෝ ගෘහ නිර්මාණය ශීල්පයෙන් ඔබ්බට ගිය වැඩි අවදානයක් දිනා ගැනීමට නොහැකි වූ කරුණු රැුසක්ම එහි සැගවී තිබෙනවා. මේ කරුණු පිළිබදව ප‍්‍රථම වරට ලෝකයට විවර වන්නේ 2015 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දීය.ඒ ඉන්දියාවේ ආග‍්‍රා මූලික කරගනිමින් කටයුතු කරනු ලබන නිතිඥයින් හය දෙනෙකු විසින් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුවයි.

මෙම නඩුව ගොනු කිරීමට පාදක වී තිබූ කාරනය වන්නේ ටජ් මහල හින්දු භක්තියකයින් විසින් අදහනු ලබන ශිව දෙවියන් උදෙසා වෙනු වු දේවාලයක් වටා ඉදිකිරීමක් බවට පවතින් සැකයයි.අදාල නීතිඥයින් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සාධක සැලකිල්ලට ගන්නා විට ඔවුන් ගෙන හැර දැක්වූ තර්කය හුදෙක් ආගම් දෙකක් අතර ගැටුමක් නිර්මාණය කිරීමට දරන ලද උත්සහයක් නොවන බව හොදින්ම පැහැදිලි වෙනවා.ටජ් මහල පිළිබද ඔබ මීට පෙර දැක ඇති ඡුායාරූප පිළිබද මදක් සිහියට නංවා ගන්න, එම ඡුායාරූප සියල්ල එක් දිශාවක සිට ගන්නා ලද ඡුායාරූප නම් මදක් ඒ පිළිබද සිතා බලන්න. එසේත් නොමැති නම් අන්තරජාලයේ සැරිසරන අවස්ථාවන් හී දැක ඇති ඡුායාරූප පිළිබද මදක් සිතන්න එහිදී ඔබ වැඩිපුරම දිකින්නට ඇත්තේ ටජ් මහලේ ඉදිරිපසින් ගන්නා ලද ඡුායාරූප නොවේ ද ? ලේවම අමන්දාන්දයට පත් කිරීමට සමත් මෙවැනි මහා නිර්මාණයක එක් දිශාවකින් ගන්නා ලද ඡුායාරූප පමණක් තිබෙන්නේ ඇයි කියා ඔබ මදකට වත් සිතුවාද ?

එයට හේතු කීපයක් පවතිනවා ඉන් ප‍්‍රධානතම හේතුව වන්නේ බොහොමයක් සංචාරකයින් හට ටජ් මහල දැක ගැනීමට අවස්ථාව හිමිවන්නේ ඉදිරිපසින් පමණක් බැවිනි. ඒ අනුව එය අසලින් ගලා බසින යමුනා නිදියේ ඉවුරේ සිට හෝ වෙනත් දිශාවකින් ටජ් මහල දෙස බැලීමට අවස්ථාව හිමිව ඇත්තේ ඉතාම සීමිත පිරිසකටය. ගං ඉවුරේ සිට ටජ් මහල දෙස බලන අයෙකුට අපි මෙතෙක් දැක නැති ආකාරයේ ඉදි කිරීම් කිහිපයක්ම දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එහි දී ඉදිරිපසින් නොපෙනෙන භූගත මහල් දෙකක් දැක ගැනීමට ද හැකියාව තිබෙනවා. නමුත් ඉතා සුපරික්ෂාකාරීව නීරීක්ෂණය කරනු ලබන තැනැත්තකු හට ටජ් මහල ඉදිරිපසින් පෙනෙන අකාරයට හාත්පසින්ම වෙනස් වූ ඉදිකිරීම් කිහිපයක්ම දැක ගැනීමට හැකියාව ලැබෙනවා. 

මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් විනසන්ට් ස්මිත් විසින් 1911 වර්ෂයේ රචිත ‘හිස්ට්‍්‍ර ඔෆ් ෆයින් ආර්ට් ඉන් ඉන්ඩියා ඇන් සිලෝන්’ කෘතියෙන් ද මේ බව සනාථ කරන කරන සාධක හා විරල ඡුායාරුපයක් අන්තර්ගතයි. නුමත් එවැනි ඡුයාරූපයක් පිළිබද ඉන් පසු සදහන් වන්නේ අවස්ථා කිහිපයක දී පමණක් වීමද විශේෂත්වයක්. ඒ අනුව යමුනා නදියේ සිට ටජ් මහල දෙස බලන්නෙකුට ඉදිරි පසින්  නොපෙනෙන මදික් වෙනස් ස්වරූපයක් ගන්නා පහත මහලක් සහ කාමර පිහිටා ඇති ආකාරයත් එහි වූ කවුළු ද ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකියාව පවතිනවා. එහෙත් මෙම කවුළු සම්බන්ධයෙන් ටජ් මහල පිළිබද සදහන් වන කිසිම ඓතිහාසික සටහනක සදහන් නොවීමත් ඉන්දීය රජය ඒ පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමත් දැඩි සැකයක් නිර්මණය කරන බවයි මේ පිළිබද සොයා බැලීම් කරන විකල්ප මතධාරීන් සදහන් කරන්නේ.මෙම පහත මහලට ගමන් කිරීමට පඩි පෙළක් පිටතින් නිමවා තිබුණද එම මර්ගය ලී යොදා ගනිමින් වසා දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇති අතර එම ස්ථනය අසල ඇතුළු වීම තහනම් බවට සදහන් පුවරුවක් ද දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම ස්ථානය අසල කිසිදු සංචාරයකයෙකුට රැුදී සිටීමට අවස්ථාව හිමිනොවන අතර කුමන හේතුවක් නිසාවත් එම ස්ථානය ඡුායාරූප ගත කිරීමට අවස්ථාව හිමවන්නේ නැහැ.

ඉන්දීය රජය විසින් මේ සම්බන්ධයෙන් විමසා සිටි පිරිස් වෙත ප‍්‍රකාශ කර ඇත්තේ ටජ් මහලේ පහත මහලේ සහජාන් අධිරාජ්‍යාගේ සහ මුම්ටාස් රැුජිනගේ සොහොන් පිහිටා තිබෙන බැවින් එම තීරණය ගෙන ඇති බවයි. එමෙන්ම කිරි`ගරුඩින් නිමවා ඇති මෙම මහල මිනිස් ප‍්‍රශ්වාස එසේත් නැත්තම් කාබන්ඩයොක්සයිඞ් වලට නිරාවරණය වීමෙන් විනාශයට පත්වන බවද ඉන්දීය රජයේ කරුණු දැක්වීමට අන්තරගත වී තිබෙනවා.එහෙත් ලිපියේ කලින් සදහන් කළ පරිදි යමුනා නිදියේ සිටි බලන විට ටජ් මහලේ පහත මහල දෙක රතු පැහැති පාෂානයක් යොදාගෙන නිමවා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබෙනවා.  මේ අතර ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පියකු වන මාරවින් මිල්ස් 1974 වර්ෂයේ දී යමුනා නිදියේ සිට ලබා ගත් ඡුායාරූපයකින් ටජ් මහලේ පාදමේ ලීයෙන් නිමවූ දොරටුවක් ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකියාව ලැබෙනවා. කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි වන අයුරුන්  අගුළු දමා වසා තිබූ අදාල දෙරටුුවේ කොටසක කාබන් කාල නිර්ණය කිරීමට යොමු කිරීමට මිල්ස් සමත් වෙනවා. එහි දී ලැබෙන පිළිතුර කිසිවෙකු බලාපොරොතු නොවූවක් වන අතර මෙම දොර අවම වශයෙන් ටජ් මහලට වඩා අවුරුද 250 කාලයට පෙර ඉදිකරන ලද්දක් බවට අදාල පරීක්ෂණ කළ විද්‍යාඥයින් අනාවරණය කර ගැනීමට සමත්වෙනවා.ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් පුවත්පත් මගින් විශාල ප‍්‍රසිද්ධියක් ලබා දීමත් සමග ගඩොල් යොදා එම දොරටුව වසා දැමීමට ඉන්දීය රජය පියවර ගනු ලබනවා. ඉන්දීය රජයෙ මෙම කි‍්‍රයාවත් සමග අද වන විට එම ස්ථානයේ දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ ගඩොලින් බැ`දි බිත්තික කොටසත් පමණක් වුත් එය පසු කලෙක වසෙ දැමූ දෙරටවක් බවට පැහැදිලිව දැක ගැනීමට හැකියාව පවතිනවා.යලිත් වරක් රජයේ මෙම කි‍්‍රයාව සාධාරණීකරණය කිරීමට සදහන් කර සිටියේ අදාල දෙරින් ඇතුළු වන වාතය හේතුවෙන් රජගේ සහ රැුජිනියගේ සොහොන් විනාශයට පත්වීමට ඉඩකඩ පවතින බවයි.

කෙසේ වෙතත් මෙහිදී යලිත් සැකයක් නිර්මාණය කරනු ලබන කාරනය වන්නේ ටජ් මහල තුලට පිරිසි`දු වාතාශ‍්‍රය ලාබා ගැනීම සදහා කවුළු රැුසක් තවමත් විවෘතව පැවතීමයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් ඊට පිළිතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට මෙහිදී ඉහත කියූ සැකය වැඩිකිරීමට සමත්වී වෙනවා. මේ අතර ටජ් මහල නැරඹීමට යන  ඕනෑම අයෙකුට එහි ඉදිකර තිබෙන සාජහන් අධිරාජ්‍යාගේ සහ මුම්ටාජ් රැුජිනගේ සොහෙන් දැක ගැනීමට හැකියාව පවතිනවා. එසේ නම් එක් පුදගලයකුට සොහොන් දෙකක් තිබිය හැකිද ? නැත්නම් සැබෑම සොහොන කුමක් ද? යන්න පිළිබද තවමත් නිල පිළිතුරක් ලබා දීමට කිසිවෙකු සමත් වී නැහැ.මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ ඉන්දීය රජයට අවශ්‍ය කර ඇත්තේ මිනිසෙකුට ඇතුළු වියි හැකි කවුළු දොරටු වසා දැමීම පමණක් බවයි. එහෙත් පහත මහල තුල සොහෙන් පමණක් පවතී නම් ඒ සදහා ඇතුළු වීමට මාර්ග කිහිපයක් පවතින්නේ කුමක් ස`දහා ද යන්නත් යලිත් සිතා බැලිය යුතු කාරණයකි.එමෙන්ම මජ් මහලේ ඉදිවන්නට පෙර මෙම ඉදිකිරීම් පැවති බවට ඉදිරිපත්ව ඇති මතයන්  බැහැර කිරීමට නොහැකි අතර එයට ඉහත කී දොර  ඊට හොදම නිදසුනක් ලෙස සදහන් කළ හැකියි. එමෙන්ම විමසිලිමත්ව පරීක්ෂා කරන්නෙකු හට ටජ් මහල අවට ගොඩනැගිලි ද ඉහත කී රතු පැහැති පාෂානයෙන් නිමවා ඇති ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ අනුව මෙම පාෂාන සහ ටජ් මහල අතර මෙතෙක් නොකී සම්බන්ධතාවයක් පවතින බවද පැහැදිලි වනවා.

කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වන ඇතැම් පිරිස් සදහන් කර සිටින්නේ ටජ් මහලට පෙර එම ගොඩනැගිලි ඉදිකර තිබූ බවයි.මේ අතර සාජහන් අධිරාජ්‍යා විසින් සිය ඉතිහාසය ලියා තැබීමට යොදගන්නා ලද්දක් වන අතර එහි ටජ් මහල පිළිබද වැදගත් කරුණු රැුසක් අන්තරගත වනවා. එම ග‍්‍රන්ථයට අනුව සාජහන් අධිරාජ්‍යා විසින් ඒ වටිටත් නිමකර තිබූ ඉදිකිරීමක් මතයි ටජ් මහල නිර්මාණය කර ඇත්තේ.  ජය සිං නැමති රජකු විසින මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබූ බවද එම ග‍්‍රන්ථයේ පැහැදිලිව සදහන් වනවා.  ටජ් මහල ඉදිකිරීමට හිස් බිම් කොතෙක් පැවතියද සාජහන් අධිරාජ්‍යයා මෙම ස්ථානයම තොරා ගැනීම හේතු වුයේ ඔහු සතු ධනය ප‍්‍රමාණවත් නොවීම බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ. ඇත්ත වශයෙන්ම ටජ් මහල ඉදිකිරිමට සාජහන් අධිරාජ්‍යයාට සිය සමස්ථ ධනයම වැය කිරීමට සිදු වූ බවත් ඒ හේතුවෙන් සිරගත වීමට සිදු වූ බවත් අපි සියලූ දෙනා දන්නා පොදු කාරණයකි.එම කරුණු සැලකිල්ලට ගන්නා විට ඉහත කී කරුණු හුදෙක් නිර්මාණය කරන ලද්දක් ලෙස බැහැර කිරීමට ද අපහසුය. මෙම රහසිගත පහත මහලයේ මහජනතාවට විවෘත නොවූ කාමර එදහස් අසූනවයක් පවතින බවට වාර්තා වෙනවා. එම කාමර සියල්ලම වසා දමා ඇති අතර ඒ තුලට වාතාශ‍්‍රය ගෙන යෑමට ඉදිකර තිබූ කවුළු ද කිරි`ගරු`ඩ බිත්ති මගින් වසා දමා ඇති බවට එම ස්ථාන පරීක්ෂා කර පිරිස් සදහන් කරනේනේ. මෙලෙස වසා දමා ඇති කාමර වල හින්දු ගෘහ නිර්මාන වලට සමන ශෛලයක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම ඉදිකිරීම් පිටතින් පෙනෙන් මොගල් අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට හාත්පසින්ම වෙනස් බවද  මෙම කාමර වල හින්දු ආගමික බිතු සිතුවම් දැක ගැනීමට හැකියාව පවතින බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඉන් යමුනා නිදිය දෙසට මුහුණලා පිහිටි කාමාර විසි දෙදක සම්පූර්ණයෙන් වසා දැමීමටත් සාජහන් අධිරාජ්‍යා කි‍්‍රයාකර ඇතැයි ඡුායාරූපවලින් පැහැදිලි වනවා.ටජ් මහලේ පිටතට පෙනෙන මහලට පහලින් විශාල කොරිඩොවක් පිහිටා ඇති අතර එයට වාතය සහ ආලොකය ලබා දීමට ඉදිකර තිබූ කවුළු වසා දැමීමට සාජහන් අධිරාජ්‍යා කි‍්‍රයා කර ඇති අකාරය දැක ගැනීමට හැකියාව පවතිනවා. 

මෙම කරුනු සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක ඉන්දියාවේ බීජේපී පක්ෂය දැඩි හඩක් නැගූ අතර සුබ‍්‍රමනියම් ස්වාමි එහි පෙරමුණ ගත්තද ඔවුන් බලයට පැමිණි පසු එම පොරොන්දු සියල්ල අත්හැර දැමීමද විශේෂත්වයකි.දැනට පවතින් ඡුායාරූප සාක්ෂි සහ අනෙකුත් කාරණා සලකා බලන විට ටජ් මහල මීට පෙර ඉදිකළ ගොඩනැගිල්ලක් මත ඉදිකරණ ලද්දක් බවට සානාත කළ හැකිය. ඒ සදහා සාජහන් අධිරාජ්‍යාගේම ඉතිහාස කරුවන් සාකෂි සපයන අතර විද්‍යාත්මක සාක්ෂිත ඊට විශාල සහයක් දක්වයි.ඒ අනුව ආගම් දෙකක් අතර ගැටුමක් නිර්මාණය වීම වැලැක්වීට ඉන්දීය රජය මෙම කරුණු වසන් කිරීමට උත්සහ කරනු ඇති බවටද මත පළ වනවා.  කෙසේ වෙතත් ඉන්දීය ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් මෙන්ම ආදරයේ සංඛේතය ලෙස සැලකෙන ටජ් මහලේ පිටුපස කිසිවකු නොසිතූ අදුරු පැතිකඩක් ද පවතින බවනම් මනාව පැහැදිලි වුවද සාජහන් හින්දු ගොඩනැල්ලක ඉස්ලාම් අභාශය ගත් ඉදිකිරීමේ සැබෑ අරමුණ නම් අද වන විට ඔහු සමගම වැලීගොස් හමාරය. 

සචිත සේනාරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි