නවතම පුවත්

උතුරු නැගෙනහිර කොපමණ සිංහලයන් පදිංචි වුවත් අයිතියක් නෑ – අයිතිය දෙමළ ජනතාවට පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා යුද්ධයෙන් පසු උතුරු පළාත් සභාවට පත්වූ ප්‍රථම මහ ඇමතිවරයා වූ අතර ඔහු උග්‍ර ද්‍රවිඩ ජාතිකත්වයක් මත පිහිටා කටයුුතු කරා එසේම ඔහුගේ පාලන කාලයේ දැඩි තීන්දු තීරණ ගැනීමටද ඔහු කටයුතු කරා එසේම උතුරේ සිංහල ගම්මානයක් වන යාපනයේ නාවක්කුලි ගම්මානයට අවශ්‍ය අත්‍යවශය පහසුකම් පවා ලබාදීමට ඔහු විරුද්ධ වූ අතර පසුගියදා මුලතිව් ගුරුකන්ද විහාරයේ ඇතිවූ සිද්ධියට සෘජුවම චෝදනා එල්ලවූයේ හිටපු මහ ඇමතිවරයාගේ පක්ෂයට සම්බන්ද කණ්ඩායම්වලටය. එසේම ත්‍රීකුණාමලයේ කන්නියා උණුවතුර ලිං ආශ්‍රිතව ඇතිවූ සිද්ධින්වලට අමාත්‍යවරයාගේ දේශපාලන කණ්ඩායම් සම්බන්ධ බවත් වාර්තා වුනා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල වැසියන් කොපමණ සංඛ්‍යාවක් පදිංචි වූවත් ඊට දෙමළ ජාතිකයින් විරුද්ධ නොවූවත් සිංහල ජාතීන්ට එහි අයිතියක් නොමැති බව . එහිදී ඔහු කියා සිටියේ එම පළාත් වල සියලු පදිංචිකරුවන් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බවයි.

එසේම උතුරු නැගෙනහිර අර්බූදයට හොදම විසදුම එම පළාත් දෙක සදහා දේශපාලන පරිපාලන ව්‍යුහයක් සකස් කොට එය පාලනය කිරීම දෙමළ පිරිසකට බාර දීම බව සඳහන් කළ සී.වී.විග්නේස්වරන් දැනට ඇති පළාත් සභා ක්‍රමය තුලින් එවැනි පාලන ක්‍රමයක් බිහිකළ හැකි බවද ප්‍රකාශ කළා. උතුරු පළාත් සභාව සදහා පමණක් නොව දිවයිනේ පිහිටුවා ඇති  සෙසු පළාත් සභා නවය සදහාද මෙවැනි පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඒ ඒ පළාත් පාලනය කිරීම ඒ ඒ පළාත් වල සිටින පිරිස් වෙත බාර දිය යුතු බව ඔහු එහිදී සඳහන් කළා.

උතුරු නැගෙනහිර පළාත් දෙක දෙමළ ජනතාවට අයත් නිසා එම පළාත් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බව ප්‍රකාශ කළ ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුවේ මෙලෙසින්.

‘’උතුරු නැගෙනහිර ඕනෑම පළාතක සිංහල මිනිස්සුන්ට ඕනේ තරම් ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒ අය මතක තියා ගන්න ඕනේ ඒ අයට ඒ පළාත් වල අයිතියක් නැහැ කියලා. මේ පළාත් සභා ක්‍රමය අනුව අපි විතරක් නෙමෙයි, හැම පළාත් සභාවකම අය ඉල්ලන්නේ ඒ ඒ තමන්ගේ පළාත් වල ඉන්න ජනතාව පාලනය කරන්න ඒ යට බලයක් දෙන්න කියලයි.අපි ඉල්ලන්නෙත් ඒකම තමයි. අපි ඉල්ලන්නේ නැති දෙයක් නෙමෙයි. පළාත් සභා බලතල වලට අනුව තියන දේවල් ලබා දෙන්න කියලයි.

මට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා. මම සිංහල පළාත් වල ජීවත් වුණා. අපිට එදා ලංකාවේ ඕනෙම තැනකට යන්න පුලුවන් වුණා. ඕනෙම දෙයක් කරන්න පුලුවන් වුණා. මේක වෙනස් වුණේ 1957 අවුරුද්දෙයි. දකුණේ මිනිස්සු ඒ පළාත් වල හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා දැම්මා. දැනට වුණත් තිස්සමහාරාමයේ පසුපති කියන දෙමළ මනුස්සයාට අයිති කුඹුරු තියනවා. එව්වට ඔප්පු තිබුණත් 1958 දී සිංහල මිනිස්සු එව්වා බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. ඉතින් දකුණේ සිංහල මිනිස්සු එහෙ හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා ඒ අයගේ දේපල ඉඩම් අත්පත් කරගෙන දැන් උතුරේ සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා කියන එක වැරදියි.

මෙන්න මෙහෙම වුණු අසාධාරණය නිසා තමයි කියන්නේ අපි උතුරු සහ නැගෙනහිර පළාත් අපිට පාලනය කරන්න දෙන්න කියලා. දැන් වෙන්නේ පළාත් සභා ක්‍රමය තිබුණත් මධ්‍යම ආණ්ඩුව එයාලට ඕනේ විදිහට උතුරු නැගෙනහිර පාලනය කරණ එකයි. ඒක නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ.
ඕනෑම ජාතියකට තමන්ගේ කියලා ප්‍රශ්න ජාතියක් තියනවා. ඒ ප්‍රශ්න කතා කරන්න එක් දිනයක් ස්ථානයක් තෝරාගෙන කටයුතු කිරීම ජාතිවාදය නොවෙයි.

දැන් සිංහල මිනිස්සු පිහිටුවා ගත්ත සිංහල සංවිධාන ගණනාවක් තියනවා. ඒවායේ කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරලා එව්වට විසදුම් හොයන එකයි. අනිත් ජාතීනුත් එහෙමයි. මේ දෙමළ ජනතාවගේ පිබිදීම හෙවත් ‘’එළුහ තමිල් ‘’උළෙලෙදි සිද්ධ කළෙත් ඒකම තමයි.අපේ දෙමළ අය රැස්වුණා අපේ ප්‍රශ්න කතා කළා. මේකෙදි අපිට පෙණුනා දෙමළ ජාතීන්ට තවමත් විසදිලා නැති ප්‍රශ්න ගණනාවක් තියනවා කියලා.ඒ ප්‍රශ්න අතරින් ප්‍රශ්න හතක් ප්‍රධාන ප්‍රශ්න  කියලා අපි තේරුම් ගන්තා.

උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, දෙමළ ප්‍රශ්නය විසදීම සදහා සුදුසු දේශපාලන විසදුමක් සෙවීම, යුද සමයේදී අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව, උතුරේ ඉඩම් ප්‍රශ්නය, යුද අනාථයින් යළි පදිංචි කරවීම සහ යුද අපරාධ කළ පිරිසට දඩුවම් කිරීම යන ප්‍රශ්න වලට මේ දක්වා කිසිම විසදුමක් ලැබිලා නැහැ.

මේ ප්‍රශ්න වලට විසදුමක්  ලබා ගන්න අපි සටන් කරන්න ඕනේ කියලා මේ දවසේ අපි යළි සාකච්ඡා කලා. ඒ සටන ආයුධ සටනක් නෙමෙයි. ඉල්ලීම් දිනා ගන්න කරගෙන යන අරගලයක්. ඉතින් අපි ඒක දිගටම කරගෙන යනවා.’’

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?