නවතම පුවත්

සජිත්ගේ රාජකීය සාපෙළ සහතිකේ බොරු- ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ තහවුරු කරයි

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බව කියන රාජකීය විද්‍යාලයීය සාමාන්‍ය පෙළ සහතිකයක් සමාජ ජාල පුරා සංසරණය වන නමුත් එය මුළුමනින්ම අසත්‍යයක් බව ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ෆේස්බුක් ආදි සමාජ ජාලවල අසත්‍ය පෝස්ටු, පුවත්වල නිවැරදිභාවය තහවුරු කිරීම හා එවැනි තහවුරු වූ අසත්‍ය පුවත් නියාමනය සඳහා මෙම ආයතනය වෙත බලය පවරා තිබේ.

එම ආයතනය පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට මුහුණ දී ඇත්තේ ලන්ඩනයේ මිල්හිල් විද්‍යාලයේ බවයි.

ප්‍රසිද්ධියට පත් රාජකීය විද්‍යාලයීය සහතිකය ව්‍යාජ ලෙස සකසා ඇති එකක් බව ද එම ආයතනය සාක්ෂි දක්වමින් දීර්ඝ ලෙස තහවුරු කරයි.

ඒ අනුව ඉහත ව්‍යාජ පෝස්ටු පළ කළ පුද්ගලයන්ගේ නම් ද සඳහන් කරමින් එම ආයතනය මෙම පෝස්ටු ඉවත් කිරීම සඳහා ෆේස්බුක් ආයතනය වෙත දැන්වීමේ ක්‍රියාමාර්ග ගනු ඇත.

ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද ෆේස්බුක් නියාමන කටයුතු සිදුකරන අපක්ෂපාතී ආයතනයකි.

ඔවුන් මේ අයුරින් නිවැරැදිභාවය විමර්ශනය කළ තවත් අසත්‍ය පුවත්, පෝස්ටු කිහිපයක් පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි