නවතම පුවත්

අසාධාරණ ලෙස සිරගත කල රණවිරුවන් 17 නිදහස් කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොදු ජන පෙරමුණේ මංගල රැළිය ඇමතු ගෝඨාභය රාජපක්ෂ මහතා කල කතාව ජනතාවගේ දැඩි අවධානයට යොමු වුනා. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනයේදි මූලික වශයෙන් ඉලක්ක කර තිබුනේ අනුරාධපුර ජනතාව මූලික වශයෙන් මුහුණ පානා ප්‍රමුඛ ගැටලුයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසුවා.

පානිය ජල පිරිසිදු කිරීමේ ක්‍රමවේදයට නූතන තාක්ෂණය එක්කර ගැනීමට තමන් අදහස් කර සිටිනා බවයි. එමගින් අනුරපුර ජනතාව මුහුණ දෙන මූලීක ගැටලුවක් වන වකුගඩු රෝගය අවම කිරීම සිය අරමුණ බව ඒ මහතා කියා සිටියා.

වර්තමානයේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් වන වී මිල අඩු වීමටත් විසඳුමක් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාපිළිවෙතක් ඉදිරිපත් කළා. ඒ වී ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම මගින් අතරමැදියන් සිදු කරනා බලපෑම අවම කිරීම මගින් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට නූතන තාක්ෂණය භාවිතා කිරීමට තමන් කටයුතු කරනා බවටද ඒ මහතා ප්‍රකාශ කළ අතර දේශීය ඉංජිනේරුවන් සහ දේශීය තාක්ෂණය විස්වාස කරමින් තමන් කටයුතු කරනා බවට වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර වත්මන් රජය විසින් ව්‍යාජ චෝදනා මත අසාධාරණ ලෙස සිරගත කර සිටිනා රණවිරුවන් සියලූම දෙනා නිදොස් කොට නිදහස් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?