නවතම පුවත්

දශක දෙකකට පෙර මිය ගිය මත් රජු එස්කොබාර්ගේ බලපෑමෙන් අදටත් පීඩා විදින කොලොම්බියාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැබ්ලෝ එස්කොබාර් කියන නාම නොදන්නා කෙනෙක් නැති තරම්. කෙකේන්  රජු ලෙසින් හැදින් වූ ඔහු කොලොම්බියාවේ මෙන්ම මුළු ලෝකය කතා බහට ලක්වූ අතර අසූව දශකයේ සිටි මිහිමත විසූ බලවත්ම පුද්ගලයකු ලෙසය සැලකෙන්නේ.

එවකට ඇමරිකාව තුල සංසර්ණය වූ මත් ද්‍රව්‍ය වලින් සියයට අසූවකට වැඩි ප‍්‍රතිශතයක් සැපයීමට සමත් වූ ඔහුගේ වාර්ෂික අදායම ඇමරිකානු ඩොලර් බිලියන විසි දෙකකට ආසන්න වෙන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම අදායම ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීමටද ඉඩ පැවති බවටයි සැලකෙන්නේ.

1993 දෙසැම්බර් දෙවැනිදා මරණය පත්වීමෙන් එස්කොබර්ගේ රාජධාණිය අවසන් වුවත් ඔහු කොලොම්බියාවට ඇති කළ බලපෑම එක් දිනයකින් අවසන් කිරීමට නොහැකිවන තරම් ප‍්‍රබල මට්ටමකයි පැවතිනි.

 දෛනිකව ලැබූ අධික ආදායමත් සමග තමන්ට හිතෙන  ඕනෑම දෙයක් කිරීමට හැකියාවක් පැවති එස්කොබාර් තමන්ටගේම සත්ව උද්‍යානයක් නිර්මාණයක කරන්නේ සිය දරුවන්ගේ සිතැගි ඉටු කිරීමටයි.

මෙලෙස ඉදිකෙරුනු සත්ව උද්‍යානයට ලොව වෙසෙන ඉතාම දුර්ලභ ගණයේ සතුන් පවා එකතු කරගන්න එස්කොබාර්ට ඉතාම සුළු කාර්යක් වුන අතර රයිනෝ ජිරාෆ් අලින් වැනි සතුන්ද ඒ අතර සිටීම විශේෂත්වයක් . කෙසේවෙතත් එම සතුන් අතර සිටි හිපෝ සතුන් එම සියල්ලන්ටම වඩා විශේෂත්වයක් ගැනීමට සමත් විය.  අප‍්‍රිකාවට පමණක් සුවිශේෂි වුන මෙම සතුන් ඉතාම ආක‍්‍රමණශීලී සතුන් විශේෂයක් වන බැවින් සීමිත බිම් කඩක එවැනි සතුන් ඇති කිරීමට ඉතා අනාරක්ෂිත කාර්යකි. එහෙත් එස්කොබාර් සිය වින්දනය උදෙසා සියලූ අවදානම නොසලකා හැරියේය.

නාපල්ස් නමින් හැදින්වූ එස්කොබාර් සතු වූ සිවිසන් මන්දියක් සහිත විශාල භුමියේ පිහිටි මෙම සත්ව උද්‍යානය පවත්වාගෙන ගිය අතර පසුව එස්කොර්ගේ මරණයෙන් පසුව එම භූමිය කොලොම්බියානු රජයට පවරාගනු ලැබිණි. මේත් සමග මෙම උද්‍යානයේ සිටි සතුන් රැුසක් වෙනත් ස්ථාන වලට යොමු කළද එහි ජීවත් වූ හිපෝ සතුන් සිව් දෙනා එම උද්‍යානයේම ජීවත්වීමට ඉඩ සලසා දීමට කොලොම්බියානු බලධාරීන් පියවර ගනු ලබන්නේ ඉන් කිසිම බලපෑමක් සිදුනොවේ යැයි හැගුණු නිසාවෙනි.

මෙලෙස අත්හැර දැමූ හිපෝවන් සංඛ්‍යාව කිසිවෙකුට නොදැනිම කෙමින් කෙමින් වර්ධනය වන්නට පටන් ගන්නා අතර මැග්ඩලේනා ගංගාවට ආක‍්‍රමණය කිරීම ආරම්භ වනවා. මේත් සමග කොලොම්බියානු ජෛව පද්ධතියට නුහුරු නුපුරුදු හිපෝවන් නිසා ගංගා තීරයේ සොබවිකත්වට දැඩි බලපෑමක් එල්ලවීමට ආරම්භ වි ඇති බවටයි වාර්තාවෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෛවිද්‍යාඥ ඬේවිඞ් එච්වෙරී සදහන් කරන්නේ මෙම තත්ත්වය ඉදරියේදී දැඩි බලපෑමක් ඇති කිරීමට ඉඩ පවතින බවයි.

”අන්තිමේදී හැමෝටම හිපෝ සතුන් ගැන අමතක වුනා” යනුවෙන් සදහන් කර ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ වන විට මැග්ඩලේනා ගංගාවේ විශාල ප‍්‍රමාණයේ හිපෝ සතුන් පනහකට අධික සංඛ්‍යාවක් ආක‍්‍රමණය කර ඇති බවයි.

”හිපෝවන ගැවසෙන ප‍්‍රදේශය කොලොම්බියාවට අවේනික වුන සතුන් රැුසක් ජීවත් වන ප‍්‍රදේශයක්. මේ ප‍්‍රදේශයේ එම සතුන්ගේ පැවැත්වමට බලපෑමක් කරන විලෝපිකයින් සිටියේ නැහැ. ඒත් දැන් තත්ත්වය විශාල වශයෙන් වෙනස් වෙලයි තියෙන්නේ.”

”මේවන විට මැග්ඩලේනා ගංගාව අසන ජීවත්වන ජනතාවට ඉතා සමීපයටම මේ සතුන් ගහන වර්ධනය වෙලා තියෙනවා. ඒනිසා සමාන්‍ය ජනතාව ගැවසෙන ස්ථාන වල හිපෝවන දැක ගැනීමට හැකි වීම ඉතාම සමාන්‍ය සිදුවීමක් වෙලයි තියෙන්නේ. ඒ වගේම ජනතාව ඉන්න ගොඩබිම් වලත් මේ සතුන් ගැවෙසෙන්න පටන් අරන් තියෙනවා. මේකත් එකක් ලොකු අවදානමක් නිර්මාණයවෙමින් පවතිනවා” එච්වෙරී වැඩිදුරටත් සදහන් කර සිටියේ අවදානම ගැන ජනතාව මෙන්ම බලධාරීන්ගේ ද වැඩි අවදානයක් යොමුවිය යුතු බවයි.

සෑම වසරකම අප‍්‍රිකාව තුල වැඩිම මිනිස් ජීවත සංඛාවයක් අහිමිවන්නේ හිපෝ සතුන්ගේ පහරදීම් වලිනි. එබැවින් හිපෝවන් යනු මිනිස් ජීවිත වලට දැඩි අවදානමක් එල්ල කිරීමට සත්ව කොට්ඨාශයකි. කෙසේ වෙතත් මේ වන තෙක් කොලොම්බියාවෙන් එවැන්නක් වර්තානොවුනත් හිපෝවන් නිසා ඇතිවිය හැකි අවදානය ඉවත දැමීමට නොහැකි බවටයි එච්වෙරී පෙන්වා දෙන්නේ. 

බලධාරීන්ගේ එක් නොසැලිකිලිමත් තීරණයක් නිසා ඉදිරියේදී සමස්ථ කොලොම්බියානු ජලාශ පද්ධතිමය අවදානමකට පත්වන බවට නම් කිසිදු සැකයන් නැහැ. එහෙත් මින් අප සියලූ දෙනා අවබෝධ කරගයුතු පාඩම වන්නේ හුදු වින්දනයට නිසා පරිසර පද්ධතියට එක් කරන නොගැලපීමක් පසු කාලයක සමස්ථ ජෛව පද්ධතියමට බලපෑමක් කිරීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් අවසානය සදහන් කිරීමට ඇත්තේ මීට දශක දෙකකට පෙර මෙලෙව හැර ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පැබ්ලෝ එස්කොබාර්ගේ කි‍්‍රයවාන් හී බලපෑම් හේතුවෙන් අදටත් කොලොම්බියානු ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. 

සචිත සේනාරත්න 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි