නවතම පුවත්

ගුරුකන්ද විහාරය අසල ඉඩමේ බොරළු කපයි. බලපත්‍ර 9 අරන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසූරිය.

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භුමිය සීමාව අසල ඉඩමේ බොරළු කැපීමට කිසියම් පිරිසක් පසුගිය (10) උදැසන පැමිණි බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන දායක සභාව පවසයි.

දායක සභාව පැවසූවේ පුරාවිද්‍ය භූමියක් ලෙසට නම්කොට ඇති විහාර භුමි‍යේ බොරළු කැපීම උදෙසා වවුනියාව ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත්කරුවෙකු බැකෝ යන්ත්‍රයක් රැගෙන පැමිණ ඇති බවයි.

පුරාවිද්‍ය නටුඹුන් සහිත විහාරස්ථාන භූමියේ අදාළ ‍බොරළු කැපීම වෙනුවෙන් බලපත්‍ර නමයක් රැගෙන අදාළ පුද්ගලයා පැමිණ ඇති බවද දායක සභාව පැවසීය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය දැනුවත් කොට බොරළු කැපීම නවතා දැමු බවද දායක සභාවේ නිළධාරීන් පැවසීය.

විහාරස්ථාන දායක සභාව පැවසූවේ බුද්ධ වර්ෂ 244 ක කාලයේ ඉදලා අතීත සටහන් විහාරස්ථානයේ තියෙනවා. පුරාවිද්‍යාව පන්සල සීමාව අක්කර 93 කින් යුතුව 2013  අගෝස්තු  16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා.ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ‍විහාරස්ථාන භූමියේ බොරළු කපන්න පැමිණ ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්