නවතම පුවත්

බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ෆේස්බුක් ගිණුම් ඔක්කොම බොරු – ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරන ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ යැයි කොටස් පළකරනු ලබන ෆේස්බුක් ගිණුම් සියල්ල ව්‍යාජ ඒවා බව උන්වහන්සේ පවසති.

ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ ආයතනය විසින් මේ පිළිබඳ කළ සොයාබැලීමේදී උන්වහන්සේ මෙම කරුණු තහවුරු කර තිබේ.

ජනසෙත පෙරමුණ මෙතෙක් එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකසා හෝ නොමති බව ද උන්වහන්සේ අවධාරණය කර ඇත.

මේ පිළිබඳව කරුණු විමසීමක් සඳහා ෆැක්ට් ක්රෙසේන්ඩෝ ආයතනය සීලරතන හිමි දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ඇත.

එහිදී හිමියන් පවසා ඇත්තේ තම නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුම් කිහිපයක්ම ඇති බවත් තම පක්ෂයේ ප්‍රතිපත්ති ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ව්‍යාජ ප්‍රතිපත්ති බවත්ය.

එමෙන්ම එම ෆේස්බුක් පිටු සියල්ල ව්‍යාජ ඒවා බවත් හිමියෝ තහවුරු කර ඇත.

වැඩිදුර  කරුණු දක්වමින් උන්වහන්සේ පවසා ඇත්තේ තමාට official website, ෆේස්බුක් පේජ් යනාදී කිසිවක් නොමැති බවයි.

මෙසේ මඩ ගැසීම අළුත් දෙයක් නොවන බවත් මීට පෙර 2015 ජනාධිපතිවරණ සමයේද ද මෙබඳුම මඩ ප්‍රචාරයන් ගෙන ගොස් තිබූ බැවින් මෙම  පහත් ක්‍රියාකලාප ගැන තමන් කලබලයට පත්වන්නේ නැති අතර මෙකී ප්‍රචාර මුළුමහත් බුදු දහමටම කරන නිගාවක් බව ද උන්වහන්සේ පවසා ඇත.

මෙසේ හුවමාරු වන බොහොමයක් පෝස්ටු ප්‍රධාන වශයෙන්ම ෆේස්බුක් පිටු තුනක් මගින් පළ වී තිබෙන බව ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ ආයතනය පවසයි.

එබඳු එක් ෆේස්බුක් පිටුවක් මේ වනවිටත් ව්‍යාජ ලෙස තොරතුරු සැපයු එක් කණ්ඩායමක් මඟින් ඉවත් කරගෙන ඇත.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් නමින් ෆේස්බුක් සමාජ ජාලයේ සාදා ඇති ගිණුම් ඔස්සේ පළකරන ලද ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශ යැයි හැඟවීමට සකස් කොට මුදාහැරි පෝස්ටු කිහිපයක් පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්