නවතම පුවත්

TNA ඉල්ලිම් 13ට එකග වූ කාටවත් ඡන්දය දෙන්න එපා – සේරුවිල මහ නාහිමියෝ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

දෙමල ජාතික සංධානය විසින් ජනාධිපතිධුර අපේක්ෂකයන් සදහා ඉදිරිපත් කරනු ලැබු ඉල්ලීම් 13 ක යෝජනාවලියට පක්ෂ වන කිසිදු අපේක්ෂකයකුට ජනවරමක් නොදෙන්නැයි මේ රටේ ජනතාවගේ තමන් වහ‍න්සේ ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් ඉල්ලා සිටින්නේ බව උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක කතිකාචාර්්‍ය  සේරුවිල මංගල රජමහ විහාරාධිපති පුජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන් පැවැසීය.

උන්වහන්සේ එසේ කියා සිටියේ අද (18) ත්‍රිකුණාමලය වෙල්කම්බේ හෝටලයේ පැවැති උතුරු නැගෙනහිර සර්ව ආගමික කමිටුව පැවැත්වු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මෙත්තාරාම නාහිමියෝ මෙසේ පැවැසුහ.

අද මව්බිම හා අරුණ පුවත් පත් වල තියෙනවා දෙමල ජාතික සංධානය ඉල්ලීම් 13 ක් ප්‍රධාන ජනපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරලා තියෙනවා ඒවාට සහය දෙන්නේ නම් උතුරු නැගෙනහිර ලක්ෂ නමයක ඡන්ද ලබා දෙනවා කියලා.  ඒ ඉල්ලීම් වල තියෙනවා දෙමල නිජ භුමියක් වෙන් කරගන්න ඕන කියන එක නමුත් ඉතිහාසයේ දෙමල නිජ බිමක් තිබුණෙ නැහැ විටින් විට දෙමල හා සිංහල නායකයෝ මේ රට පාලනය කලා නමුත් වෙනම බිම බෙදාගත් නිජ බිම් සංකල්පයක් තිබුණෙ නැහැ. මේ නිජබිම් සංකල්පය ආවේ ප්‍රභාකරන්ගේ රට බෙදීමේ නිජ බිම් සංකල්පයත් එක්ක ඒ නිසා අපි එය එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා. මේ ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමල,  මුස්ලිම් සියලු දෙනාටම ජීවත්විමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් වෙන් විමේ අවශ්‍යතාවක් නැහැ. දෙමල ජනයාට දැන් පිළිගත හැකි නායකත්වයක් නැහැ දැන් තිබෙන නායකත්වය තියෙන්නේ භයානක මට්ටමක ඒ නායකත්වය අහිංසක දෙමල ජනතාව විනාශ කිරිමේ පදනමක පිහිටි අන්තවාදි නායකත්වයකුයි තියෙන්නේ ඒ නිසා පිළිගත හැකි නායකත්වයක් ඇතිකර ගන්න මේ ජනයාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබ නිවැරදි නායකත්වයක් බිහි කරගත යුතුයි ඩොලර් වලින් විදෙස් බලපෑම් වලට ලක්වෙලා මේ රට විනාශ කරන නායකත්වයක් වෙනුවට ලාංකීය නායකත්වයක් නිර්මාණය කර ගන්න කියලා අපි දෙමල ජනයාගෙන් ඉල්ලා සිටිනවා. 

මෙහිදි දුරකතනයෙන් සම්බන්ධව මාධ්‍ය හමුවට අදහස් දැක්වු අමරපුර ශ්‍රී කළ්‍යාණවංශ මහ නිකායේ මහ නායක දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ 

මේ යෝජනාවලිය නිසා ත්‍රෛනිකායික හිමිවරුන් වේදනාවට පත්වෙලා සිටිනවා උතුරු නැගෙනහිර ජිවත් වන ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත්වුණාම ආදාහනය කරගන්න බැරි තත්වයක් මේ වනවිටත් ඇති වෙලා තියෙද්දි මේ වගේ යෝජනාවලියක් සම්මත වුණාම රට කොයි තත්වයට පත්වේද දන්නෙ නැහැ එහෙම වුනොත් මහා සංඝරත්නය මහ පාරට බහින්න ඉඩ තියෙනවා යැයි පැවැසුහ.

උතුරු නැගෙනහිර දෙපලාතේ හා තමන්කඩුව ‍දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියෝ 

අන්තවාදි දේශපාලකයන් විසින් යලි මේ රටේ අන්තවාදයක් ලේ වැගීරිමක් ඇති කරන්න විග්නේෂ්වරන්ලා සුමන්තිරන්ලා ශිවාජිලිංගම් ලා අන්තවාදි නඩය එකතු වෙලා තිස් වසරක් යුද්ධයක් තිබුණ මේ රට යලි ලේ වැගිරිමකට ගෙන යන්න උත්සාහ කරනවා. මේකට අපි උත්තර දෙන්න ඕන අපි දැක්කා පහුගිය දවස් වල යාපනයට ගිය ජනපති අපේක්ෂකයෝ මේ අන්තවාදින්ගේ වුවමනාවන් හා ඒ න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නංවන්න උත්සහ කරමින් ඉන්න බව පේනවා එදා එලාර යුගයේ වත් මෙවන් අන්තවාදි ප්‍රකාශ තිබුනෙ නැහැ මේ උතුරු නැගෙනහිර තරම් පුරාවිදයා නටබුන් ඇති ක්ෂේම භුමියක් දක්නට නැහැ. ඒ නටබුන් හෙට දවසේ විනාශ කරන්න සිංහල ජනයා උතුරු නැගෙනහිරින් එලවන්න හදන මේ පිඹුරුපත නිසා මේ වනවිට සමාජයේ කුකුසක් ඇති වෙමින් තියෙනවා ‍සිංහල බෞද්ධයාට උරුම එකම රට මේ ශ්‍රී ලංකාව අද බලයේ ඉන්න දේශපාලකයන් බල ලෝභි කමට කෑදර කමට කරන මේ ක්‍රියාදාමය සම්පුර්ණ ප්‍රතික්ෂේප කරන්න ඕන ඒ වගේම මේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය ආරක්ෂා කරන නායකත්වයක් හෙට දවසේ බිහි කර ගැනීම රට වැසියනි ඔබට භාරයි කියලා අපි කියන්න ඕන. ඒ වගේම මේ යෝජනාවලියට සහය දෙන කිසිම නායකයකුට හෙට රට භාර දෙන්න එපා ඒකීය රටක් තුල සියලු ජාතින්ට සියලු ආගමිකයන්ට සමසේ ජිවත් විය හැකි රටක්  ගොඩ නගන්න පුලුවන් නායකයකුට සහය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවැසුහ.

මෙම අවස්ථාවට වෙරුගල් මෙතොදිස්ත දේවස්ථානයේ පාලක ආයිසායා ජෝශප්, මුතුර් තංගනගර් ක්‍රිස්තියානි දේවස්ථානයේ පාලක ශ්‍රී කාන්තා, තොපුර් අල් අබුහාර් මුස්ලිම් දේවස්ථානයේ පුජක මො‍හොමඩ් සමිස් මවුලවි ඇතුළු ආගමික නායකන් පිරිසක් එක්ව සිටියහ. 



train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි