නවතම පුවත්

සම්ප්‍රදාය බිදිමින් තායිලන්ත රජ කුමරියක් අගමැති සටනට එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තායිලන්ත රජුගේ සහෝදරිය වන උබොල්රටානා රාජකන්‍යා හිටපු කුමරිය එරට අගමැති සටනට හදිසියේම පැමිණීමට තීරණය කිරීමත් සමග රජ පවුලේ යම් දෙදරීමක් ඇතිකර තිබේ.

මෙය කිසිවෙතුක් අපේක්ෂා නොකළ තත්ත්වයක් වන අතර, 67 හැවිරිදි උබොල්රටානා කුමරිය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට සම්බන්ධ පක්ෂයකින් ඉදිරිපත් වීම මෙම අර්බුදය තවත් ඔඩුදිවීමට හේතු වී ඇත.

තායිලන්තයේදී සම්ප්‍රදානුකූලව තායි රජ පවුල ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලින් ඈත් ව සිටින අතර ඇයගේ මෙම තීන්දුව ඊට එරෙහිව යන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ වෙතත්, මෙවර තායිලන්ත මැතිවරණය ලබන මාර්තු 24දා පැවැත්වීමට නියමිත අතර, වසර 5ක් පුරා එරට පවතින්නේ හමුදා පාලනයකි.

භූමිබෝල් අදුල්යාදේව් රජුගේ වැඩිමහලු දියණිය වන ඇය, ඇමෙරිකානුවෙකු සමග විවාහ වීමත් සමග ඇගේ රාජකීයත්වය ඇයට අහිමි විය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?