නවතම පුවත්

බාගෙට හැදූ ආනන්දේ සත්මහල් ප්‍රාසාදය විවෘත කරන්න හදන අකිලට එරෙහිව උද්ඝෝෂණයක්

අසංක

අසංක

ලංකාවේ පාසලක ඉදිකර ඇති උසම ගොඩනැගිල්ල වන ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදයේ වැඩ අඩක් නිමකරමින් තිබියදී අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාගේ නියෝගයකින් අනිද්දා (22) විවෘත කිරීමට එරෙහිව හෙට (21) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

මාපියන් සහ ආදි සිසුන් එක්ව මෙම උද්ඝෝෂණය උදෑසන 7ට විද්‍යාලයීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතව ඇතැයි ඔවුහු ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවැසීය.

අවදානම් සහිතව ගරාවැටෙමින් තිබූ ගොඩනැගිල්ලක් ඉවත් කොට මෙම ගොඩනැගිල්ල සෑදීමට මුල්වූයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

එවකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන මහතා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට හේතුව බවට පෙන්වා දී තිබුණේ ආනන්ද විද්‍යාලයෙන් රටට බිහිකළ අතිවිශාල මෙහෙවරක් කළ පුරවැසියන්ට කෘතගුණ සැළකීම වෙනුවෙන් බවය.

ගොඩනැගිල්ල මුළුමනින්ම වැඩ අවසන් කොට විවෘත කරන්නේ නම් කිසිදු විරෝධයක් නොමැති බව පවසන මාපියන් පෙන්වා දෙන්නේ එසේ නොමැතිව මෙලෙස අඩක් නිමකොට ගොඩනැගිල්ල විවෘත කරනුයේ පටු දේශපාලන අරමුණු ඇතිව වන බවයි.

තම නම් යොදා බෝඩ් ලැලී දමාගැනීමේ වුවමනාව මත කඩිමුඩියේ අඩක් නිම කළ ගොඩනැගිල්ල ඉදිකිරීමට උත්සහ දරන බව මාපියෝ චෝදනා කරති.

මාපියන් චෝදනා කරන තවත් කරුණක් වන්නේ මෙම ගොඩනැගිල්ලේ සමරු ඵලකයට යොදාඇත්තේ ‘ළගම පාසල හොදම පාසල’ යනුවෙන් බවත් කොළඹ ආනන්ද විද්‍යාලයට එවැනි සටහනක ඇති නුසුදුසු බව කාටත් තේරුම්ගත හැකි නමුත් දේශපාලන වුවමනා මත එය ද තේරුම් ගෙන නොමැති බවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී