නවතම පුවත්

ද ෆිනෑන්ස් බලපත්‍රය මහ බැංකුව අහෝසි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරිම සදහා මෙම පියවර ගෙන ඇති බවයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව ඊයේ (23) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑස් ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු වන අතර ආයතනය ප්‍රතිව්‍යහුවගත කිරිම සදහා සැලැස්මක් ඉදිරිපත් කිරිමට ඕනෑම විශ්වාසනීය ආයෝජකයෙකුට හැකියාව පවතින බව සඳහන්. තැන්පත්කරුවන්ට තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදුකරන අතර ආයතනය වෙතින් ණය පහසුකම් ලබා ඇති සියලුම ආකාරයේ ණය ගැතියන් ආයතන වෙත ගෙවිය යුතු සියලු ගෙවිම් නිසි පරිදි සිදු කළ යුතු බවයි මහ බැංකුව පවසන්නේ. ද ෆීනැස් කම්පැනි පීඑල්සී ආයතනයේ පවතින දුර්වල මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි මස 15 වන දින සිට නව තැන්පත් භාරගැනිම, තැන්පතු ආපසු ගැනිම, ණය හා අත්තිකාරම් ප්‍රදානය අත්හිටුවිමට ද පියවර ගනු ලැබුවා.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි