නවතම පුවත්

ජර්මානු ටීවී නාළිකාවක් සමග මි.100ක වැඩපිළිවෙළක්

අසංක

අසංක

ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් සමග රුපියල් මිලියන 100ක ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු යොදා ඇත.

ඊට අමතරව ජර්මනියේ මහජන සම්බන්ධතා සමාගමක් සමගද එක්ව කටයුතු කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇත..

මෙම වැඩපිළිවෙල හරහා ලබන වසරේ සිට ජර්මනිය තුල ප්‍රචාරණ කටයුතු තීව්ර කිරීමට සැලසුම් කර ඇති බවද එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසීය .

කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

ජර්මනිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොළක්. 2018 වසරේ දී ජර්මානු සංචාරකයින් 156,888 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මේ අවුරුද්දේ මේ වෙන කොට ජර්මනියෙන් 93,886 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් එන රටවලින් ජර්මනිය සිටින්නේ 4 වැනි ස්ථානයේ.

අනෙක් අයට සාපේක්ෂව ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින් වැඩි වශයෙන් මුදල් වැය කරන අය. ශ්‍රී ලංකාවට එන සංචාරකයෙක් දළ වශයෙන් දිනකට ඩොලර් 174 ක් වියදම් කරනවා. නමුත් ජර්මනියෙන් සහ යුරෝපාකරයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරනවා. එම නිසා සංචාරක ව්‍යාපාරයේ අනාගතය ගැන අපි කතා කරනවා නම් එය රැඳිලා තියෙන්නේ විශේෂයෙන් යුරෝපාකරයේ. කුඩා රටක් හැටියට වැඩි වියදමක් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි උත්සාහ ගත යුතුයි. ඒ හරහා තමයි සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරාත්තු වන වටිනාකම නිර්මාණය වන්නේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි