නවතම පුවත්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට Technovaon සම්මාන 4ක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 

 

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, පසුගියදා පැවති technovaon සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය.

මෙහිදී මූල්‍ය සේවාවන් ජනතාව වෙත සමීප කරවීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා වන රන් සම්මානයද, පාරිභෝගික පහසුව සම්බන්ධයෙන් වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා වන රන් සම්මානයද හිමිකර ගැනීමට නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමත් වූ අතර, වසරේ වඩාත්ම හොඳම නවොත්පාදක බැංකුව සඳහා වන රිදී සම්මානයද, බැංකු අතර ගෙවීම් සම්බන්ධ විශිෂ්ටත්වය සඳහා වන සම්මානයද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව වෙත හිමි විය.

මෙම සම්මාන උළෙල 2019 ඔක්තෝබර් 07 දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. නේෂන් ට‍්‍රස්ට් බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප‍්‍රධාන ඩිජිටල් නිලධාරී ජනක පිටදෙණිය මහතා සහ උප සභාපති රේණුකා සේනාධීර මහත්මිය විසින් සම්මාන පිළිගන්නා ලදි. ශ‍්‍රී ලංකාවේ විශාලතම ගෙවීම් යටිතල ව්‍යුහ සම්පාදකයා ලෙස සැලකෙන ඛ්බන් ක්‍කැ්ර විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ලද්දේ ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසිනි.


මේ පිළිබඳව අදහස් දක්වමින් නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප‍්‍රධාන ඩිජිටල් නිලධාරී ජනක පිටදෙණිය මහතා මෙසේ පැවසී ය. ‘‘මෙම සම්මාන හිමිවීම අපට විශාල ගෞරවයක්. මෙය අප නවෝත්පාදනය සහ ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීමට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.

ආරම්භයේ සිටම අප නව හඳුන්වාදීම් සිදුකරමින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීමට කටයුතු කළා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන ත්‍රසඵස ඇතුළුව පුරෝගාමී සේවාවන් රාශියක් මෙරටට හඳුන්වා දීමට අපට හැකියාව ලැබුණේ ඒ නිසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි