නවතම පුවත්

සහරාන්ගේ අවිපුහුණු කඳවුරේ අභිරහස් වලක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

සහරාන්ගේ ප්‍රධන අවි පුහුණු කදවුර ලෙස පවත්වාගෙනන ගිය පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ හාරා ඇති අභිරහස් වල සම්බනධයෙන් විමර්ශනයක් පැවැත්වීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්.එෆ්. ප්‍රනාන්දු මහතා මේ වන විට ලැක්ටොවත්තට පැමිණ තිබේ.

සහරාන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ රැසක් සොයා ගනු ලැබුවේ මෙම වත්තේ වලදමා තිබියදීය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මෙම වත්ත ගැන තොරතුරු හෙළිවන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් කිහිප දෙනෙක් සමග වත්තේ වලදමා තිබුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි. ඊට අමතරව ගිනි අවි කිහිපයක්ද සොයාගත් අතර එම පුහුණු කදවුර සහරාන්ගේ කදවුරක් බවද හෙළිකර ගත්තේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවන මොහොත වන විටත් එම කදවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තිබුණු අතර තවත් ආයුධ තොගයක් වත්තේ වලදමා තිබියදී සොයාගන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. ඒ පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් හෙළිවූ තොරතුරකට අනුවය. එම ආයුධ අතර 2018 වසරේදී වව්නතිව් හී පොලිස් මුරපොලක රැදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර පැහැරගත් ගිනි අවිද විය.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විමර්ශන භාරයේ තිබුණු මෙම වත්තේ අලුතින් වලක් හාර වලදමා තිබුණු යමක් ගොඩගෙන තිබුණේ ඉකුත් දින කිහිපය තුළය. අඩි තුනක් පමණ ගැඹුරු එම වල අඩි හතරක් දිගින් සහ අඩි තුනක් පමණ පළලකින් යුක්තය. එම වල සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයට ඊයේ 28 තොරතුරක් ලැබී ඇත. වනාතවිල්ලුව පොලීසියේ නිලධාරීන් මූලික විමර්ශනයක් පවත්වා ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) උදෑසන එම ස්ථානයට ගොස් රජයේ රස පරික්ෂක කාර්යාලයේ නිලධාරීන් එහි කැදවා පරීක්ෂණයක් ආරම්භකර ඇත්තේ එම වලෙන් ගොඩගෙන ඇත්තේ පුපුරණ ද්‍රව්‍යදැයි පරීක්ෂා කර බැලීමටය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි