නවතම පුවත්

රජයේ ව්‍යාපෘතිය උදෙසා ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ නමින් අලුත් ලොතරැයියක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය වීම උදෙසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද (30) හඳුන්වා දී තිබේ.

සතියේ බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින , ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කරන මෙම ලොතරැයියේ මංගල ලොතරැයිපත අද දින (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මුදල් අමාත්‍යාංශයේදී පිළිගැන්විණි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත බැරකරනු ලැබේ.

මෙම අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහභාගී විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි