නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයට හේතුව ICC පරික්ෂණ වල බලපෑම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන තරග පාවාදිම් පිළිබඳව කරන පරික්ෂණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑමක් එල්ල කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ අපි හැමදෙනාම මිනිස්සු. අයි.සී.සී. පරීක්ෂණවලින් බලපෑමක් තිබුණා. නොවැම්බර් අවසානයේදී තේරීම් කමිටුව වෙනස්වුණා. තේරීම් කමිටුව මාරුවිමත් සමග නායකයන් වෙනස්වුණා. ඒ වගේම පුහුණු මණ්ඩලයේ වෙනසක් වුණා. ඒය අස්ථාවරත්වයක් නිර්මාණය කළා.

හැම දෙයක්ම වුණේ ප්‍රසිද්ධියේ. ඉතින් ක්‍රිඩකයන්ට මොකද වුණේ. ඔවුන්ට පීඩනයක් තිබුණා. ක්‍රීඩකයන්ට හැරෙන්න තැනක් තිබුණේ නෑ. ඔවුන් දන්නේ නෑ කවුද විශ්වාස කරන්නේ කාගේ උපදෙස්ද පිළිපදින්නේ කියලා. මේ වගේ පරිසරයක තමන් ගැන සිතිම මිනිස් ස්වාභාවයයි.”

තරග සංචාරයකදී තේරීමේ කටයුතු වලින් තමාව ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳවද හතුරුසිංහ මෙහිදී අදහස් දැක්වීය.

“ ඒක මට පාලනය කරන්න බෑ. ඒ සඳහා හේතුවක් තිබිය යුතුයි. ඒක ඉවත් කරපු ආකාරය ගැන තරමකත් ප්‍රශ්න ජනකයි. ඒක වුණේ තරගාවලියක් අතර මැදදීයි. ඒය සිදුවුණ ආකාරය ගැන මගේ කනගාටුවක් තිබෙනවා. ඒක තමයි මට තිබෙන ප්‍රශ්ණය මේ දක්වාම මට පිළිතුරක් නෑ. ”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි